Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගයනි - ඉසුරු රන් පදක්කම් දිනති

ගයනි - ඉසුරු රන් පදක්කම් දිනති

නාමල් පතිරගේ - 2019 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගයානි ප්‍රතාපසිංහ අනුරාධපුරයේදී පැවැති 45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ ඇවිදීමේ කාන්තා රන් පදක්කම දිනාගත්තාය. එහි පිරිමි රන් පදක්කම ඉසුරු සාලින්ද දුනුකාර විසින් දිනාගන්නා ලදී. පසුගිය වසරේදීද ඔවුන් දෙදෙනා විසින්ම මෙම ඉසව්වල රන් පදක්කම් දිනාගැනීමට සමත් වූහ.

ගයානිගේ තරග නිමි කාලය පැය 1 විනාඩි 54 තත්ත්පර 28 කි. පිරිමි තරගය ජයගත් පිරිමි තරගය ජයගත් දුනුකාරගේ නිමි කාලය පැය 1 විනාඩි 38.38ක් ලෙසත් වාර්තා විය.

මෙම ජයග්‍රහණ වෙනුවෙන් ඔවුන් දෙදෙනාට ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් 50000ක් බැගින් ප්‍රදානය කෙරුණි. මෙවර ජාතික මහ ක්‍රීඩා උළෙලේ ඇවිදීම තරගාවලිය පළමු වතාවට විවෘත ඉසව්වක් ලෙසින් සංවිධානය කෙරුණි. කාන්තා හා පිරිමි තරග දෙකේම දුර කිලෝ මීටර 20ක් විය.

පළපුරුදු ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවන් විසින් මෙවර ජාතික මහ ක්‍රීඩා උළෙලේ ඇවිදීමේ තරග ජය ගැනීමේ දී කාන්තා ඉසව්ව ජයගත් ගයානි ප්‍රතාපසිංහ වසර 2015 දීත් එය ජය ගැනීමට සමත් වූවාය.

මෙවර ඇගේ තරග සහභාගිත්වය 10 වැනි වතාවටය. ඉන් හතකදීම ඇය මුල් පෙලේ ස්ථාන ලබා තිබේ. දකුණු පළාත නියෝජනය කරමින් මෙවර තරගාවලියට ඇය ඉදිරිපත් වූවාය. යුද හමුදා ක්‍රීඩා සමාජය ඇගේ ක්‍රීඩා සමාජයයි. එච්. එස්. සමන්තිලක මහතා යටතේ පුහුණුවීම් හදාරන ඇය ඊයේ තරග ජයග්‍රහණයෙන් පසුව ‘ලංකාදීප’යට පැවැසුවේ විවෘත තරගාවලියක් වුවත් මෙවර ඇවිදීමේදී තමන්ට කිසිදු තරගකාරිත්වයක් නොතිබුණු බවයි.

මෙතෙක් කිසිදු ජාත්‍යන්තර තරග අත්දැකීමක් ලබා නොමැති 25 හැවිරිදි ගයානි ඒ පිළිබඳව පැවැසුවේ සිය දක්ෂතා ප්‍රවර්ධනයට එය විශාල බාධාවක් බවත් එහෙත් එළඹෙන සාග් ක්‍රීඩා උළෙලට ඇවිදීමේ කාන්තා ඉසව්වට ඇතුළත් කරනු ඇතැයි තමන් දැඩි විශ්වාසයෙන් පසුවන බවයි.

වසර 2017 ජපානයේදී පැවැති ආසියානු ශූරතා ඇවිදීමේ තරගාවලියේදී පැය 1 විනාඩි 31 තත්පර 01 ක සිය හොඳම තරග නිමි කාලය මෙතෙක් අත්කර ගෙන සිටින ඉසුරු දුනුකාර වසර 2016 දී පළමු වතාවට ජාතික මහ ක්‍රීඩා ඇවිදීමේ (පිරිමි) තරගය ජය ගෙන තිබේ.

දහ අට (18) වතාවක්ම ඇවිදීමේ (පිරිමි) රන් පදක්කම දිනා ගත් ජී. එම්. නයනානන්ද මහතා 27 හැවිරිදි ඉසුරුගේ පෞද්ගලික පුහුණුකරුවායි. ඉසුරු වැලිකන්ද සෙවනපිටිය මහ විදුහලේ වොලිබෝල් ක්‍රීඩා කරමින් සිටින අතර ඇවිදීමේ ක්‍රීඩාවට ප්‍රවේශ වී තිබේ.

පළාත් වෙන් කරමින් තරග ඉසව් පැවැත්වුවත් පළමු වතාවට ක්‍රීඩා අමාත්‍යාංශය ජාතික මහ ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ඉසව් ගණනාවක්ම මෙවර පැවැත්වීමට කටයුතු කළේ විවෘත තරග ඉසව් ලෙසිනි. එහෙත් මෙවර මැරතන් තරගාවලියේදී පෙන්නුම් කළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අවම සහභාගිත්වයකි. එය ගණනින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 59 දෙනෙක් පමණි.


කාන්තා තරගයේ ප්‍රතිඵල
1. ගයානි ප්‍රතාපසිංහ (දකුණ-පැය 1 විනාඩි 54. තත්පර 28),
2. දිනුෂා දිල්හානි (දකුණ- 2.04.24),
3. ලක්ෂ්මි කල්‍යාණි (දකුණ - 2.08.11),
4. සඳමාලී ජයරත්න (උතුරු මැද-2.08.49),
5. ජේ.කේ.එම්.සී. දමයන්ති (ඌව-2.13.52),
6. තිළිණි මධුෂිකා (දකුණ 2.17.19),
7. ෂශිකලා දිල්ෂානි (දකුණ-2.19.31),
8. සචිනි ලෝචනා (දකුණ-2.27.34),
9. නිරෝෂනී කුමාරි (මධ්‍යම-2.41.40)
10. අයේෂා මධුමාලී (නැගෙනහිර-2.50.17)


පිරිමි තරගයේ ප්‍රතිඵල
1. ඉසුරු සාලින්ද දුනුකාර (උතුරු මැද-පැය 1 විනාඩි 38 තත්ත්පර 38).
2. ජී.එස්. චන්දික (බස්නාහිර-1.39.09),
3. නිරෝෂන් අප්පුහාමි (බස්නාහිර-1.42.19),
4. ආර්.එම්.ඩී. රුක්මල් (ඌව-1.43.02),
5. සම්පත් ප්‍රනාන්දු (බස්නාහිර-1.47.44),
6. ඩබ්.එම්.ආර්.සී. වැලිකුඹුර (වයඹ-1.49.37),
7. එම්.ඩබ්. ධනසිරි (මධ්‍යම-1.52.52),
8. ජගත් රණසිංහ (උතුරු මැද-1.55.39),
9. ආර්.ඩී.එස්. රත්නායක (උතුරු මැද-1.56.08)
10. රවිඳු හේරත් (උතුරු මැද-1.56.46)


අදහස් (0)

ගයනි - ඉසුරු රන් පදක්කම් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.