Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෝ-කෝ ක්‍රීඩාවට සහයෝගය නැතිලු

කෝ-කෝ ක්‍රීඩාවට සහයෝගය නැතිලු

නාමල් පතිරගේ - 2020 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

කෝ කෝ ක්‍රීඩා ඉසව්ව ශ්‍රී ලංකාවට හඳුන්වාදී වසර 25කට ආසන්න කාලයක් ගතවී ඇතත් එහි ප්‍රවර්ධනයට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කිසිදු දායකත්වයක් ලබාදී නැතැයි චෝදනාත්මක ලිපියක් ජාතික කබඩි පුහුණුකරු අතුල විජේනායක මහතා ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාට යොමු කර තිබේ. මෙම ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට පුරෝගාමීවූ තමාට මෙම විසිපස් වසරේදිම කෝ-කෝ ක්‍රීඩාවේ නඩත්තුව ගෙන යාමට සිදුවීම වඩාත්ම කනගාටුදායක අත්දැකීමක් බවද එම ලිපියෙන් කියැවේ.

1996 දි මෙරටට හඳුන්වා දුන් කෝ-කෝ ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ජාතික තරගාවලියක් සංවිධානයට පුහුණූ හෝ අඩු කරමින් උපලේඛන සඳහා සහ විසදුමක් ලබාදීමට කටයුතු කර නැ.ත. එසේ වූවත් 1998 වසරේ ඉන්දියාවේ පැවති නටාජි රන් කුසලාන තරගාවලියෙදී ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීම. පළමු ආසියානු (2000-බංගලාදේශය) ලෝකඩ පදක්කම හිමිකර ගැනීම ඇතුලු ජාත්‍යන්තර ජයග්‍රහණ කීපයක්ම ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටි.

කො-කෝ ක්‍රීඩා ඉසව්ව වසර 2016 දී පළමු වතාවට සාක් ක්‍රීඩා උළෙලට ඇතුළත් කළ අවස්ථාවේදි-ජාතික සංචිතයේ ආහාරපාන සඳහා පමණක් එක් අවස්ථාවකදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් මුදලක් ලැබී තිබේ.

කෝ-කෝ සම්මේලන මූලස්ථානයේ මාසික නඩත්තුව රුපියල් 29,000/= කි. මේ ආකාරයට එහි නඩත්තුවට තමන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් ලක්‍ෂ නවයකට ආසන්න මුදලක් මෙතාක් වැයකර ඇති බවත් විජේනායක මහතා කියයි. ඔහු අවධාරණය කර සිටින්නේ සිය ගුරු වැටුපෙන් හා සිය ක්‍රීඩා භාන්ඩ අලෙවියෙන් ලැබුණූ ආදායමට ඒ සඳහා යොදා ගත් බවයි.

කෝ-කෝ සහ නිති රීති අළුත් වුණ ඉන්දියාවේ රාජස්ථාන් නුවරදි 2019 වසරේ පැවති කෝ-කෝ ජාත්‍යන්තර තාක්ෂණ නිලධාරී සම්මන්ත්‍රණය .. සඳහා නිර්දේශවූ ශ්‍රී ලාංකිකයන් හය දෙනා සඳහා පොරොන්දු වූ පරිදි ගුවන් ප්‍රවේශපත්‍ර වියදම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ලබාදීමෙන් ඒ සඳහා රුපියල් 25,000 ක් වියදමක් දැරිමට සිදුවූ බව විජේනායක මහතා පවසයි.

වසර 2019 කත්මන්ඩු සාක් ක්‍රීඩා උලෙළට සුදුසුකම් තිබියදී ඇතිවූ ගැටළු ගණනාවක්ද ඔහුගේ ලිපියෙන් දක්වා තිබේ. ඒ සඳහා පුහුණු කළ ජාතික කෝ-කෝ සංචිතය පුහුණූවීමට අනුමැතිය නොදීම. තේරිම් තරග පවත්වා පසුව එය අවලංගු කිරිම, වැනි අවලංගු කළ තේරීම් පරික්ෂණය වෙනුවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේතුව බලහත්කාරයෙන් තේරිම් තරගයක් පැවත්විම පුහුණූ කරුවන් පත්කිරිම ආදි කාරණා සම්පූර්ණ කළද අවසන් මොහොතේදී ජාතික තේරීම් කමිටුවේ නිගමනය වූයේ 2019 කත්මන්ඩු සාක් ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාවෙන් කෝ කෝ කණ්ඩායමක් යැවිමට අවශ්‍ය නොවන බවයි.

ආසියානු සම්මේලනය කෝ-කෝ පුහුණුකරුවන් 30 දෙනකුට විශේෂ පුහුණූ වැඩමුළුවක් සුදානම් කළද ඒ සඳහා සහයෝගය නොදැක්වීම, කෝ-කෝ පුහුණුකරු ධූරයෙන් ඉවත් කිරිමට වැරදි ආකාරයක් නියුතු කිරිම, ගම්පහ නයිවල නව ක්‍රීඩාංගනයක් සඳහා ඉඩමක් ලැබි තිබියදි එය නොසළකා හැරිම පෞද්ගලික ඉඩමක් අනුග්‍රහයක විසින් කෝ-ෙක් පිටියකි ඉදිකර දිමට ඉදිරිපත්වුවක් ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ඊට විරුද්ධව ප්‍රකාශ කිරිමෙන් කඩාකප්ල්වීම කො-කෝ ක්‍රීඩා සම්මේලනයේ අනුමැතියකින් තොරම රත්නපුරයට පහතට යාම කෝ-කෝ ජාතික සංචිතය වඩාත් හෝ ටල්වලට සිය වියදමෙන් රුපියල් 350 000ක් මුදලක් ගෙවිමට සිදුවිම ආදි තවත් චෝදනා ගණනාවක් වේ.
 

 


අදහස් (0)

කෝ-කෝ ක්‍රීඩාවට සහයෝගය නැතිලු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.