Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොලොන්නාව තරගාවලිය 13 දා සිට

කොලොන්නාව තරගාවලිය 13 දා සිට

editorial - 2019 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)

කොලොන්නාව ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලිය මේ මස 13 සිට 17 දක්වා මහරගම සතර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.  ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ කොලොන්නාව චෙස් ක්‍රීඩා සමාජය විසින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.

තරගාවලිය තරග වට 10කින් සමන්විත වන අතර ආරම්භක දිනයේ සිට අවසන් දිනය දක්වා දිනකට තරග වට දෙක බැගින් තරග වට 10 නිමාවට පත් කෙරේ.

මෙම තරග වට 10න් ලබාගන්නා ලකුණු අනුපිළිවෙළ පදනම් කර ගනිමින් තරගාවලියේ විවෘත පිරිමි, කාන්තා, ශ්‍රේණිගත ලකුණු නොමැති, ශ්‍රේණිගත ලකුණු ඇති හා වයස අවුරුදු 15න් පහළ, 12න් පහළ, 10න් පහළ, 8න් පහළ කාන්තා, පිරිමි තරග ඉසව්වල ජයග්‍රාහකයන් තෝරාගනු ලබයි.

තරගාවලියේ ජයග්‍රාහකයන් වෙනුවෙන් රන්, රිදී හා ලෝකඩ පදක්කම් සහතිකපත්වලට අමතරව රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදල් ත්‍යාගයක්ද පිරිනැමේ.

තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව වෙනුවෙන් රුපියල් 60,000 ක්ද, අනුශූරතාව වෙනුවෙන් රුපියල් 40,000 ක්ද, තෙවැනි ස්ථානය සඳහා රුපියල් 20,000 ක්ද පිරිනැමෙන අතර සිවු වැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා ද මුදල් ත්‍යාග පිරිනැමේ.

එමෙන්ම විවෘත කාන්තා ශූරතාව සඳහා මුදලින් රුපියල් 20,000 ක්ද, අනුශූරතාව සඳහා මුදලින් රුපියල් 10,000 ක්ද, තෙවැනි ස්ථානය සඳහා මුදලින් රුපියල් 5000 ක්ද පිරිනැමෙන අතර, තරගාවලියේ අනෙක් ශූරතා, අනුශූරතා හා තෙවැනි ස්ථාන සඳහා පිළිවෙළින් රුපියල් 5000, 3000, 2000 මුදල් ත්‍යාග පිරිනැමේ.

තරගාවලිය පිළිබඳව වැඩි විස්තර දුරකතන අංක (0715 - 397829) ඔස්සේ ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ තරග ලේකම් ලක්ෂ්මන් විජේසූරිය මහතා ඇමතීමෙන් ලබාගත හැකිය.


අදහස් (0)

කොලොන්නාව තරගාවලිය 13 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.