Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කුලරත්න විදුහල මුල් ඉනිම ජයගනී

කුලරත්න විදුහල මුල් ඉනිම ජයගනී

editorial - 2020 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල සහ කොළඹ අශෝක විදුහල අතර අශෝක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට පී. ද එස්. කුලරත්න විදුහල සමත් විය.

එහිදී කුලරත්න විදුහලේ තරිඳු හර්ෂණ (73) සහ රවිෂාන් නෙත්සර (නොදැවී 51) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම ලෂේන් වනිඳු ලකුණු 22 කට කඩුලු 5 ක් දවාගත්තේය.

කුලරත්න විදුහල් පළමු ඉනිම - ඕවර 51.5 කදී සියලු දෙනා දැවී 148
(කුමිදු නිල්හාර 41, රවිෂාන් නෙත්සර 34, දිල්ෂ දෙව්මික 27, කල්ප හර්ෂජිත් 27, සහන් විමුක්ති 24/4, ජනුල ඉඳුවර 25/3, නෙත්සිළු පසිඳුල් 24/2)

අශෝක විදුහල් පළමු ඉනිම - ඕවර 51.1 කදී සියලු දෙනා දැවී 84
(ලෂේන් වනිඳු 22/5, රවිෂාන් නෙත්සර 18/3)

කුලරත්න විදුහල් දෙවැනි ඉනිම - ඕවර 60 කදී කඩුලු 4 ක් දැවී 190
(තරිඳු හර්ෂණ 73, රවිෂාන් නෙත්සර නොදැවී 51, කුමිදු නිල්හාර 24, ජනුල ඉදුසර 45/4)

අශෝක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 23 කදී කඩුලු 6 ක් දැවී 60
(චංචල සංදීපන 22, නෙත්සිළු පසිදුල් නොදැවී 21, කල්ප හර්ෂජිත් 04/2, කවීෂ් තත්සර 12/2, රවිෂාන් නෙත්සර 14/2)

-036

 


අදහස් (0)

කුලරත්න විදුහල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.