Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කුණ්ඩසාලේ ක්‍රීඩා සමාජ සභාපති වසන්ත

කුණ්ඩසාලේ ක්‍රීඩා සමාජ සභාපති වසන්ත

editorial - 2020 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හිටපු ජාතික බොක්සිං පුහුණුකරුවකු වන වසන්ත කුමාර මහතා, අලුතින් බිහිවූ ක්‍රීඩා සමාජයක් වන කුන්ඩසාලේ ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා ලෙස තේරී පත්ව ඇත. එම ක්‍රීඩා සමාජ ශාලාවේදී පැවැති සමාරම්භක මහ සභා රැස්වීමේදී ඔහු සභාපති තනතුර සඳහා පත්ව තිබේ.

අන්තර් ජාතික බොක්සිං සංගමයේ තෙවැනි කාණ්ඩයේ සුදුසුකම්ලත් පුහුණුකරුවකු වන කුමාර මහතා, කලක් රත්නපුර සීවලී මහ විදුහලේ පුහුණුකරු ලෙසද කටයුතු කළ අතර එම විදුහල තුළින් ජාතික මට්ටමේ ක්‍රීඩකයන් රැසක් බිහිකිරීමටද ඔහු සමත් විය.

නිලධාරී මණ්ඩලය
අනුශාසකවරු - ජනක මාරපන මහතා, විපුල කරුණාරත්න මහතා සහ එම්.බී. අබේරත්න මහතා
සභාපති - වසන්ත කුමාර මහතා
උප සභාපති - ජයරත්න බණ්ඩාර මහතා
ලේකම් - රංගන කරුණානායක මහතා
සහකාර ලේකම් - ජානක ශාන්ත මහතා
භාණ්ඩාගාරික - බී.බී. රත්නායක මහතා
ප්‍රධාන සංවිධායක - සරත් කුමාර මහතා
විඝණක නිලධාරි - ඩී.ජී. තිලකරත්න මහතා

-036

 


අදහස් (0)

කුණ්ඩසාලේ ක්‍රීඩා සමාජ සභාපති වසන්ත

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.