Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාන්තා විද්‍යාල - විශාඛා ජල පන්දු තරගය අද

කාන්තා විද්‍යාල - විශාඛා ජල පන්දු තරගය අද

editorial - 2019 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

කොළඹ කාන්තා විද්‍යාලය හා කොළඹ විශාඛා විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික ජල පන්දු තරගය අද (11 වැනිදා) පස්වරු 2.30 ට සුගතදාස පිහිනුම් සංකීර්ණයේදී පැවැත්වේ.
 
‘එදුස්සූරිය අභියෝග කුසලාන’ සහ ‘ගුණවර්ධන අභියෝගතා පළිහ’ නැවතත් සිය විද්‍යාල වෙත රැගෙන යාමේ ගෞරවය වෙනුවෙන් කාන්තා විද්‍යාල ක්‍රීඩිකාවන් සහ විශාකාවන් අතර මෙම තරග පැවැත්වේ.
 
මෙම උත්කර්ෂවත් වාර්ෂික ජල පන්දු තරගයට 1994 වර්ෂය දක්වා ඉතිහාසයක් තිබේ. විශාකාවන් මේ දක්වා තරග 10 ක් ජය ගෙන ඇත. කාන්තා විද්‍යාලය සිව් වතාවකදී තරගය ජය ගෙන තිබේ. තරගක් ජය පරාජයෙන් තොරව නිම වී ඇත.

ප්‍රධාන තරගය වන 19 න් පහළ තරගයේ ජයග්‍රාහිකාවන්ට ‘එදුස්සූරිය අභියෝග කුසලාන’ පිරිනැමෙන අතර අවුරුදු 15 න් පහළ වයස් කාණ්ඩයේ ශූරයින්ට ‘ගුණවර්ධන අභියෝග පළිහ’ පිරිනමනු ලැබේ.

විශාඛා විද්‍යාලයීය 19 ක් පහල කණ්ඩායමේ නායකත්වය ජනුලි ද සොයිසා දරන්නීය. දම්සි වර්ණකුලසූරිය උප නායිකාවයි. ජනීෂා කටුවපිටිය, සචිනි ගුණවර්ධන,චේත්‍යා ලියනගේ, යෙනුලි වීරසිංහ, ඉනෙෂ්කා ද මැල් හා අජානා දොඩන්දෙණිය සෙසු සාමාජිකාවෝ වෙති.
 
විශාඛා විද්‍යාලයීය 15 න් පහල කණ්ඩායම් නායිකා රුවී පෙරේරා වන අතර උප නායිකා තනතුර සියාරා මානම්පෙරුම හොබවන්නීය. තියුමි ගුණවර්ධන, තරුෂ්කා හෙට්ටිගම, බිනුති විතානගේ, දිසුරි ද සොයිසා, යෙනුලි ධර්මප්‍රිය, දිව්‍යා අලුත්ගම, මෙහන්සා ජයරත්න, ඉෂිනි ධර්මතිලක, සිතුකි ජයරත්න සෙසු සාමාජිකාවෝ වෙති.

කාන්තා විද්‍යාලයීය 19 න් පහල කණ්ඩායම් නායිකාව ලෙස රෙහානා ඬේවිඞ් කටයුතු කරන්නීය. සුලනි ද සිල්වා හා ටලීෂා යෝගේන්ද්‍රනාදන් උප නායිකාවෝ ලෙස කටයුතු කරනු කරති. කෙසාරා ගුණවර්ධන, දිනාෂා හේවාගම, මියාරා සේමගේ, දිසාරා සමරසිංහ, දිමාරා දසනායක, තුෂානි වසන්තන්, ෂනලි කුලරත්න, සනේෂා ශන්මුගලිංගම් හා අයනා අමරසිංහ කාන්තා විද්‍යාලය නියෝජනය කරති.
 
හරිෂ්මා හේවාවිසෙත්ති, රහීල් ඩයස්, නියාෂා කුලසූරිය, සෙයාරා ජයවීර, අනීකා සුමනතිලක, දිනාරා ජයසිංහ, අයනා අමරසිංහ, ටී්‍රසා ඇඩම්ස්, රමායා වික්‍රමසිංහ සහ තරුකි කලන්සූරිය කාන්තා විද්‍යාලයීය 15 න් පහළ කණ්ඩායම නියෝජනය කරති.

ශාන් ලක්ෂිත මහතා විශාකා විද්‍යාලයීය ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි. යශෝධ වාසලගේ මහතා සහ තුෂාරී ඒකනායක මහත්මිය සහයක පුහුණුකරුවෝ ලෙස කටයුතු කරති.
 
කාන්තා විද්‍යාලයීය ප්‍රධාන පුහුණුකරු ලෙස සාගර් සෙයිත්‍රඩීන් මහතා කටයුතු කරන අතර කණිෂ්ක ප්‍රනාන්දු මහතා සහාය පුහුණුකරු ලෙස කටයුතු කරයි.


අදහස් (0)

කාන්තා විද්‍යාල - විශාඛා ජල පන්දු තරගය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.