Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා ඇමති නියෝග නරකට හිටීවි

ක්‍රීඩා ඇමති නියෝග නරකට හිටීවි

යොහාන් භාසුර - 2019 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා දිගින් දිගටම නියෝග නිකුත් කළ හොත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ඒ පිළිබඳව අවදානය යොමු කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ ප්‍රධාන නිලධාරියෙක් පවසයි.

ක්‍රිකට් ආයතනයට සේවකයන් බඳවා ගැනීම පිළිබඳව නියෝගයක් නිකුත් කිරීම සහ රූපවාහිනී විකාශන අයිතිය විකිණීමේ ටෙන්ඩර් මණ්ඩලයක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා පෙරේදා (20) කටයුතු කළ අතර එම ආසන්නතම නියෝග පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමේදී එම උසස් නිලධාරියා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“මම හිතන්නේ ක්‍රීඩා නීතියට අනුව අමාත්‍යවරයාට එවැනි නියෝග දෙන්න පුළුවන්. නමුත් දිගින් දිගටම මෙවැනි දේ සිදුවුවහොත් අයි.සී.සී. එක අවධානය යොමු කරයි. මොකද අයි.සී.සී. එක ඔයවගේ දෙවල්වලට කැමති නෑ”

“රූපවාහිනී විකාශන අයිතිය විකිණීමේ ටෙන්ඩර් මණ්ඩලය පත්කිරීම වැනි දේවල් කරන්න අමාත්‍යවරයාට හැකියාවක් තියෙනවද කියලා අපි දන්නේ නෑ. අපි බළමු මොකක්ද වෙන්නෙ කියලා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මීට පෙර ද ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් ඉවත්කිරීම වැනි නියෝග කීපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කළේය.

ටෙස්ට් රටක් වන සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලයට එරට පාලකයන්ගේ බලපෑම් හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව පසුගිය ජූලි මස 18 වැනිදා සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලයට පිරිනමන අරමුදලක් සහ ජාත්‍යන්තර තරගාවලිවලට සහභාගි වීම තහනම් කළේය.

මෙම තහනමත් සමඟ සිම්බාබ්වේට ලබන වසරේ ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය ද අහිමිවීමට ඉඩ තිබේ.    

 


අදහස් (0)

ක්‍රීඩා ඇමති නියෝග නරකට හිටීවි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.