Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කළමණාකරු ආපසු කැඳවයි

කළමණාකරු ආපසු කැඳවයි

යොහාන් භාසුර - 2019 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේ පැවැත්වෙන 13 වැනි සාග් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා තුන්ප්‍රයාම කණ්ඩායමේ කළමනාකරු ලෙස සහභාගි වී සිටින ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපතිවරයකු වන මහින්ද ලියනගේ මහතා වහාම නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබේ. මහින්ද මහතා නැවත කැඳවන ලෙස ක්‍රීඩා අමාත්‍යංශය පෙරේදා (25) පස්වරුවේ ජාතික ඔලිම්පික් කමිටුවට දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සම්බන්ධ කරුණක් හේතුවෙන් පසුගිය පෙරවාරි මාසයේ සිට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිසිදු ක්‍රීඩා තරගාවලියකට සහභාගි වීම ක්‍රීඩා අමාත්‍යංශය විසින් මහින්ද ලියනගේ මහතාට තහනම් කර තිබේ.  එහෙත් ලියනගේ මහතා ක්‍රීඩා අමාත්‍යංශය නොමඟ යවමින් මෙම ක්‍රීඩා උළෙලට සහභාගි වී ඇති බව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා ‘ලංකාදීප’යට පැවසීය.

“තුන්ප්‍රයාම කණ්ඩායම ක්‍රීඩා උළෙලෙන් ඉවත් කළ පසුව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියෙන් නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වුණා. එම කණ්ඩායමේ කළමනාකරු ලෙස මහින්ද ලියනගේ මහතා ඔහුගේ නමේ මුලකුරු භාවිතා කරමින් යොමුකර තිබෙනවා”

“ක්‍රීඩා අමාත්‍යංශයට මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලට අනුව සොයා බලා මෙම තීරණය ගත්තා” යැයි ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩි දුරටත් පැවසීය.

තුන්ප්‍රයාම තරග ෆොකාරාහිදී පැවැත්වෙන අතර එහි පවතින සීත කාලගුණයට හුරුවීම සඳහා එම කණ්ඩායම පසුගිය සඳුදා නේපාලය බලා පිටත්ව ගොස් තිබේ.  
 
      


අදහස් (0)

කළමණාකරු ආපසු කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.