Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කණ්ඩායම් 10 න්ම සම දස්කම්

කණ්ඩායම් 10 න්ම සම දස්කම්

editorial - 2021 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

------------------
නාමල් පතිරගේ
------------------

ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ පෙර සූදානම් වටය නිමාවේදී ඊට සහභාගි වූ කණ්ඩායම් 10 වෙතින්ම සම දස්කම් පළවී තිබේ. තරග 20කින් සමන්විත පෙර පුහුණු තරග වටය පසුගියදා කොළඹ සුගතදාස පිටියේදී නිමාවට පත්විය.

පුහුණු වටය නිමාවූයේ රිනවුන් කණ්ඩායම විසින් රත්නම් කණ්ඩායම ගෝල 6-0කින් පරාජයට පත් කරමිනි.  එහෙත් මෙම වටයේදී කිසිදු කණ්ඩායමක් අපරාජිතව පසුවීමට සමත්ව නැත.

අප්‍රේල් 18 වැනිදා ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලිය නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය. ඊට සහභාගි වන කණ්ඩායම් 10  සහභාගි කර ගනිමින් මෙම පෙර සූදානම් තරග වටය පැවැත්වුණි. වැඩිම ගෝල පරතරයකින් මෙහි තරගයක් ජයගත්තේ නාවලපිටිය අප්කන්ට්‍රි කණ්ඩායම විසින් වෙන්නප්පුව නිව් යංග්ස් පිල ගෝල් 7-0 කින් පරාජය කරමිනි.

අවසන් වරට පැවති (2018 දී) ශූරයන්ගේ කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ කණ්ඩායම් 10ක් සුපර් ලීග් තරගාවලියට නිර්දේශ කර ගැණුනි. එහි ප්‍රසාද ලකුණු සටහනට අනුව ඉදිරියෙන්ම සිටි යුද හමුදා (ඩිෆෙන්ඩර්ස්) කණ්ඩායම මෙම තරගාවලියේදී පරාජයන් කීපයක්ම ලබමින්  පසුබෑමකට ලක්ව සිටියි. ශූරයන්ගේ තරගාවලියේ ප්‍රසාද ලකුණු  සටහනට අනුව කොළඹ ක්‍රීඩා සමාජය දෙවැනි තැනත් කළුතර බ්ලූස්ටාර්ස් ක්‍රීඩා සමාජය තෙවැනි ස්ථානයත් ලැබීය. ‍


පුහුණු වටයේ අවසන් ප්‍රතිඵල.
♦ නාවලපිටිය අප්කන්ට්‍රි ලයන්ස් පිල විසින් නාවික හමුදා (සීහෝක්ස්) පිල පරාජය කරන ලදී (4-2)
♦ රිනවුන් පිල විසින් රත්නම් පිල පරාජය කරන ලදී. (6-0)
♦ කළුතර බ්ලූස්ටාර්ස් පිල විසින් ඩිෆෙන්ඩර්ස්-යුද  හමුදා පිල පරාජය කරන ලදී (3-1)
♦ කොළඹ පිල විසින් වෙන්නප්පුව නිව්යංග්ස් පිල පරාජය කරන ලදී. (4-3)

 


අදහස් (0)

කණ්ඩායම් 10 න්ම සම දස්කම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.