Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එල්.බී.ෆිනෑන්ස් - යුනිචෙලා අවසන් තරගයට

එල්.බී.ෆිනෑන්ස් - යුනිචෙලා අවසන් තරගයට

රොෂාන් ගුණරත්න - 2019 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘ඒ’ කොටසේ පිළිමළුන් පිටුදැකීමේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට මාස් යුනිචෙලා සහ එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායම් සමත්විය. අවසන් මහ තරගය වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේදී හෙට (23 වැනිදා) පැවැත්වේ.

වෙළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ජෝන් කීල්ස් පිලට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට එල්.බී.ෆිනෑන්ස් පිල සමත්වූ අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී සම්පත් බැංකු පිලට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට මාස් යුනිචෙලා පිල සමත්විය.

 

එල්.බී.ෆිනෑන්ස් පිලට කඩුලු 9 ක ජයක්
ජෝන් කීල්ස් - ඕවර 31.5 කදී සියලුදෙනා දැවී 138
(රොස්කෝ තටිල් 34, දිමුත් කරුණාරත්න 30, රනිත ලියනාරච්චි 28/2, සහන් ආරච්චිගේ 30/2)
එල්.බී.ෆිනෑන්ස් - ඕවර 20.5 කදී කඩුල්ලක් දැවී 141
(ලක්ෂාන් රොද්‍රිගූ නොදැවී 59, සධීර සමරවික්‍රම 47, කුසල් මෙන්ඩිස් නොදැවී 25)


යුනිචෙලා පිලට කඩුලු 7 ක ජයක්
සම්පත් බැංකුව - ඕවර 32 කදී සියලුදෙනා දැවී 108
(ජීවන් මෙන්ඩිස් 27, ළහිරු මධුශංක 18/3, ඩිල්රුවන් පෙරේරා 19/3)
මාස් යුනිචෙලා - ඕවර 13.2 කදී කඩුලු 3 ක් දැවී 109
(තිලකරත්න සම්පත් 46, මහේල උඩවත්ත නොදැවී 26)

 


අදහස් (0)

එල්.බී.ෆිනෑන්ස් - යුනිචෙලා අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.