Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එල්.පී.එල්. තරගාවලියේ වටිනාකමෙන් අඩක මුදල ක්‍රිකට් ආයතනයට ගෙවයි

එල්.පී.එල්. තරගාවලියේ වටිනාකමෙන් අඩක මුදල ක්‍රිකට් ආයතනයට ගෙවයි

යොහාන් භාසුර - 2020 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (එල්.පී.එල්.) සංවිධායක අයිතිය ලබාගත් සමාගමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු මුදලින් අඩක පමණ මුදලක් (රුපියල් කෝටි 16 ක්) පෙරේදා ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තරගාවලියේ සංවිධායක අයිතිය අයි.පී.ජී. සමාගමට ඩොලර් 17,75,000 කට මුදලකට (රුපියල් කෝටි 32 කට ආසන්න) අළෙවි කළ අතර එම මුදල ලබාගැනීම සම්බන්ධයෙන් මීට පෙර දැඩි කථා බහක් නිර්මාණය වී තිබිණ. මෙම මුදල වෙනුවට අයි.පී.ජී. සමාගම බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ මීට පෙර එකඟතාවක් ඇතිකරගත් අතර එය වඩාත් කථා බහට ලක්විය.

‘කෝවිඞ් 19’ වසංගතය සමඟ ලෝකයේ උද්ගතවී ඇති තත්ත්වය හමුවේ අයි.පී.ජී. සමාගමෙන් මෙම සම්පූර්ණ මුදල මේ අවස්ථාවේදීම ඉල්ලා සිටීම සාධාරණ නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාවේ මතය වී ඇති බව වාර්තා වේ.

“අපි දන්වා සමස්ත ලෝකයේම ආයතන කඩා වැටිලා තියෙන්නේ. සෙසු රටවල් ක්‍රිකට් ආරම්භ කරලා තිබුණා. ශ්‍රී ලංකාව අද දක්වා තරග ආරම්භ කරලා තිබුණේ නෑ. මෙම සමාගම ඒ වැඬේ බාරගෙන කරපු නිසා අපිට ගොඩක් ප්‍රයෝජනවත් තරගාවලියක් ආරම්භ කරන්න හැකි වුණා”

“මෙහි ඉතිරි මුදල් ලබාගැනීමට අපි අතර එකඟතාවක් තියෙනවා. ඒ අනුව එම මුදල් ලබාගන්නවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.


අදහස් (0)

එල්.පී.එල්. තරගාවලියේ වටිනාකමෙන් අඩක මුදල ක්‍රිකට් ආයතනයට ගෙවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.