Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අවිශ්ක 350 ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

අවිශ්ක 350 ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

යොහාන් භාසුර - 2020 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වත්තල ශාන්ත අන්තෝනි විදුහල් වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ අවිෂ්ක තරිඳු වයස 19 න් පහළ පළමු කොටසේ තරගයක ඉනිමකදී වැඩිම ලකුණු ලබාගැනීමෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට අද (18) සමත් විය.

කොළඹ ලුම්බිණි විදුහලට එරෙහිව වත්තල ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී දකුණත් පිතිකරු අවිෂ්ක පන්දු 285 කදී හතරේ පහර 56 ක් සහ හයේ පහර තුනක් සමගින් ලකුණු 350 ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ඉතිහාසයේ පළමු කොටසේ තරගයක ඉනිමකදී ලකුණු 350 ක් රැස්කළ පළමු ක්‍රීඩකයා මෙන්ම ලකුණු 300 පසු කළ දෙවැනි ක්‍රීඩකයා බවට ද අවිෂ්ක පත්විය.

ජාතික කණ්ඩායම නියෝජනය කළ ඉන්දික ද සේරම් 1993 වසරේ මාතර ශාන්ත තෝමස් විදුහල නියෝජනය කරමින් අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහලට එරෙහිව ලකුණු 304 ක් රැස්කරමින් වයස 19න් පහළ තරගයකදී ඉනිමක ඉහළම ලකුණු ලබාගැනීමේ වාර්තාවට හිමිකම් කීවේය.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමද නියෝජනය කළ අවිෂ්ක ඔහුගේ අවසන් ඉනිම හතරේදී ලකුණු 673 ක් රැස්කිරීමට සමත්ව සිටියි. එහිදී අවිෂ්ක, රත්ගම දේවපතිරාජ විදුහලට එරෙහිව ලකුණු 181 ක්, මලියදේව විදුහලට එරෙහිව ලකුණු 80 ක් සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලට එරෙහිව නොදැවී ලකුණු 62 ක් ද, රැස්කිරීමට සමත්ව සිටියේය.

මෙම වාර්තාව පිහිටුවූ අවිෂ්කට ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කරමින් දකුණු අප්‍රිකාවේදී පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි විය.

 


අදහස් (0)

අවිශ්ක 350 ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.