Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අරුණසිරි - නිසංසලා මැරතන් ශූරතා දිනති

අරුණසිරි - නිසංසලා මැරතන් ශූරතා දිනති

නාමල් පතිරගේ - 2019 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

පළපුරුදු ක්‍රීඩක ප්‍රදීප් ධම්මික අරුණසිරි 45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන් (පිරිමි) තරගයේ රන් පදක්කම් (පැය 2 විනාඩි 29.15) දිනා ගත්තේය. අරුණසිරි පැය 2 විනාඩි 29 තත්පර 15කට තරගයේ දිණුම් කණුව කරා පැමිණියේය.

කාන්තා තරගය පළමු වතාවට ජයග්‍රහණය කළ ශ්‍යාමා නිසංසලා බණ්ඩාර ජාතික මහා ක්‍රීඩා උළෙලකදී සිය පළමු රන් පදක්කම දිනා ගැනීමට සමත්වූවාය. ශ්‍යාමා පැය 2 විනාඩි 59 තත්පර 39කට තරගය අවසන් කරමින් ඇගේ මෙතෙක් හොඳම තරග හිමි කාලය වාර්තා කළාය.

රන් පදක්කම් ලාභී ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව එළඹෙන සාග් ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් කැඳවෙන මැරතන් ජාතික පුහුණු සංචිතයට ඇතුළත්වීමට වරම් ලබති. දෙසැම්බර් මාසයේ කත්මන්ඩු නුවරදී පැවැත්වෙන එම ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැරතන් ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් සිව් දෙනකු නිර්දේශ කෙරෙනු ඇත. වසර 2014 දී හා 2017 දීත් මැරතන් (පිරිමි) රන් පදක්කම දිනාගත් ක්‍රීඩක අරුණසිරි පැවැසුවේ අනුරාධපුරයේ මේ දිනවල පවතින දැඩි අව් රශ්මිය තමන්ට දැඩි පීඩාවක් ඇති කළ බවයි.

මීට පෙර චීනයේදී පැවැති ආසියානු මැරතන් ශූරතා තරගාවලියට වසර 2017 දී සහභාගි වී තිබෙන අරුණසිරි එහිදී පැය 2 විනාඩි 20 තත්පර 38ක සිය මෙතෙක් හොඳම තරග හිමි කාලය වාර්තා කර තිබේ. තරගකරුවෝ 60,000කට වැඩි පිරිසක් සහභාගි වූ පසුගිය මාර්තු මාසයේදී පැවැති චීන තායිපේ මැරතන් තරගාවලියේදී මෙම ක්‍රීඩකයා පැය 2 විනාඩි 28.18ක දක්ෂතාවයක් පෙන්වමින් 10වැනි ස්ථානය ලබා තිබේ.

ඔහු අනුරාධපුර මහඉලුප්පල්ලම ප්‍රදේශයේ ක්‍රීඩකයෙකි. නාවික හමුදාවේ ඉංජිනේරු කාර්මික ශිල්පියෙකු ලෙස එහි රාජකාරී කටයුතු කරන බවත් පුහුණුවීම් කටයුතු සඳහා සහභාගි වන බව ඔහු පැවැසීය.

මෙවර කාන්තා මැරතන් තරගය ජයගත් යුද හමුදා ක්‍රීඩිකා ශ්‍යාමා නිසංසලා මෙතෙක් ජාත්‍යන්තර තරගයකට සහභාගි වී නැත. දැදිගම පැරකුම්බා මහ විදුහලේ ආදි ශිෂ්‍යාවන් වන ඇය වසර 2012 දී මැරතන් (කාන්තා) ලෝකඩ පදක්කම දිනා තිබේ. මීටර 10,000 මීටර් 5,000 හා මීටර 3,000 යන ඉසව්වලට ද ඇය එක ලෙස දක්ෂතා පළ කරන්නීය.

සුසන්ත ප්‍රනාන්දු මහතා හා හිටපු මැරතන් ශූරි ඩී.ඒ. ඉනෝකා මහත්මිය මැරතන් ක්‍රීඩාවෙන් ඇයට ගුරුහරුකම් ලබාදෙන ඇගේ පෞද්ගලික පුහුණුකරුවෝ වෙති.

පළමු වතාවට විවෘත ඉසව්වක් ලෙස පිරිමි මැරතන් තරගය සමත්වීම ගැන තමන් සතුටු වන බව රන් පදක්කම්ලාභී ප්‍රදීප් අරුණසිරි පවසයි. එයින් තරගකරුවන් හැමදෙනාටම ඒ සඳහා ඉදිරිපත්වීමේ අවස්ථාව ලැබීම තුළ තරගකාරීත්වය ඉහළ නැංවෙන බව ඔහුගේ අදහසයි.

ශ්‍රී ලංකාවේ හොඳම මැරතන් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස දැනට සලකන අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ හා හිරුණිකා විජේරත්න මේ වනවිට කල් ගෙවන්නේ විදේශ රටවල් දෙකකය.

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන් තරගාවලිය අද (26) අනුරාධපුරයේදී නිමාවට පත් විය. ඒ සමගම දින හතරක් පුරා එහි පැවැති ජාතික ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ඉසව් කීපයක්ම නිමාවට පත් විය.


අදහස් (0)

අරුණසිරි - නිසංසලා මැරතන් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.