Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අයි.පී.එල්. සත්කාරය නවසීලන්තය ඉවත දමයි

අයි.පී.එල්. සත්කාරය නවසීලන්තය ඉවත දමයි

editorial - 2020 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් දින නියමක් නොමැතිව කල් දමා ඇති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සත්කාරකත්වය දැරීමට තමත් සූදානම් බව පළවන වාර්තා අසත්‍ය බවත්, ඒවා ප්‍රකාශ පමණක් බවත් නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසයි.

මාර්තු 29 වැනිදා ආරම්භවීමට නියමිතව තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් අප්‍රේල් මාසයේ මැද භාගය දක්වා කල් දැමූවද, දින නියමක් නොමැතිව ඉන්දියාව වසා දැමීම හේතුවෙන් තරගාවලියද දින නියමයක් නොමැතිව කල් දැමීය.

මේ වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සත්කාරකත්වය දැක්වීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය කැමැත්ත ප්‍රකාශ කර නොමැති නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් එය දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශක රිචඞ් බූක් මහතා පැවසීය.

“එම වාර්තාව හුදෙක් අනුමානයක් පමණයි. අපි අයි.පී.එල් තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබා දීමට ඉදිරිපත් වී නෑ. ඒ සඳහා අපට ප්‍රවේශයක් තිබ්බේත් නෑ” යනුවෙන් ගුවන් විදුලි වැඩසටහනකදී බූක් මහතා ප්‍රකාශ කළේය.

කොරෝනා වසංගතය හේතුවෙන් අයි.පී.එල් තරගාවලිය ඉන්දියාවෙන් ඉවත් කළ හොත් එක්සත් ආරාබී එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව සමගින් නවසීලන්තයද සත්කාරකත්වය දැරීමට සූදානම්වන බවට මින් පෙර වාර්තා පලවී තිබුණි.


-2079


අදහස් (0)

අයි.පී.එල්. සත්කාරය නවසීලන්තය ඉවත දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.