Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අන්තර් විශ්ව විද්‍යාල කැරම් ශූරතාව කැලණියට

අන්තර් විශ්ව විද්‍යාල කැරම් ශූරතාව කැලණියට

ශානුක අරවින්ද - 2019 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රුහුණු විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේදී පැවැති අන්තර් විශ්ව විද්‍යාල කැරම් තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට කැලණිය විශ්ව විද්‍යාලය සමත් විය. අවසන් මහ තරගයේදී රුහුණු විශ්ව විද්‍යාලයට එරෙහිව තරග 4-1 ක ජයක් වාර්තා කරමින් කැලණිය විශ්ව විද්‍යාලය එම ශූරතාවට හිමිකම් කීවේය.

කණ්ඩායම් 14 ක සහභාගිත්වයෙන් පැවැති මෙම තරගවලියේ මූලික වටයේ තරග ‘ඒ’, ‘බී’, ‘සී’ සහ ‘ඩී’ ලෙස කාණ්ඩ 4 ක් යටතේ පැවැත්විණ. මුලික වටයේ තරග අවසානයේ කාණ්ඩ හතරේ ශූරයන් සහ අනු ශූරයන් බවට පත් වූ කණ්ඩායම් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

එහිදී ‘බී’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වූ කැලණිය විශ්ව විද්‍යාලය, මූලික වටයේදී යාපනය විශ්ව විද්‍යාලයට එරෙහිව තරග 4-1 ක ජයක්ද, වයඹ විශ්ව විද්‍යාලයට එරෙහිව තරග 5-0 ක ජයක්ද හිමිකරගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය.

අර්ධ අවසන් පූර්ව වටයේදී තරග 4-1 ක් ලෙස රජරට විශ්ව විද්‍යාලය පරාජය කළ කැලණිය විශ්ව විද්‍යාලය, අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී තරග 3-2 ක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට එරෙහිව තියුණු ජයක් ලබමිනි.

අවසන් මහ තරගයේදී කැලණිය විශ්ව විද්‍යාලයේ ප්‍රතිවාදීන් වූ රුහුණු විශ්ව විද්‍යාලය, අවසන් පූර්ව වටයේදී තරග 4-1 ක් ලෙස මොරටුව විශ්ව විද්‍යාලය පරාජය කළේය. මොරටුව විශ්ව විද්‍යාලය පිට පිට වසර 6 කදී මෙම තරගාවලියේ ශූරයන් බවට පත්වෙමින් වාර්තාවක්ද පිහිටුවා තිබිණ.

ඒ අනුව තෙවැනි ස්ථානය තෝරාගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ මොරටුව විශ්ව විද්‍යාලය අතරද තරගයක් පැවැති අතර තරග 5-0 ක් ලෙස එම තරගය ජයගැනීමට මොරටුව විශ්ව විද්‍යාලය සමත් විය.

 
අවසන් පූර්ව තරග
■    කැලණිය විශ්ව විද්‍යාලය විසින් තරග 3-2 ක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පරාජය කරන ලදි.
■    රුහුණු විශ්ව විද්‍යාලය විසින් තරග 4-1 ක් ලෙස මොරටුව විශ්ව විද්‍යාලය පරාජය කරන ලදි.

තෙවැනි ස්ථානය තේරීමේ තරගය
■    මොරටුව විශ්ව විද්‍යාලය තරග 5-0 ක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පරාජය කරන ලදි.

අවසන් මහ තරගය
■    කැලණිය විශ්ව විද්‍යාලය විසින් තරග 4-1 ක් රුහුණු විශ්ව විද්‍යාලය පරාජය කරන ලදි.

 


අදහස් (0)

අන්තර් විශ්ව විද්‍යාල කැරම් ශූරතාව කැලණියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.