Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අන්තර් පළාත් තරග 24දා ඇරඹේ

අන්තර් පළාත් තරග 24දා ඇරඹේ

යොහාන් භාසුර - 2019 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලිය මේ මස 24 වැනිදා ආරම්භ වේ. තරග අටකින් සමන්විත මෙම තරගාවලියේ සියලු තරග කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙහිදී කොළඹ, දඹුල්ල, මහනුවර සහ ගාල්ල යන කණ්ඩායම් තරග කරයි.

කොළඹ පිලේ නායිකාව ලෙස ඕෂදී රණසිංහ ද, දඹුල්ල පිලේ නායිකාව ලෙස චමරි අතපත්තු ද, මහනුවර පිලේ නායිකාව ලෙස හර්ෂිතා මාධවී ද, ගාල්ල පිලේ නායිකාව ලෙස නිලක්‍ෂි ද සිල්වා ද, කටයුතු කරති.  

තරග කාලසටහන (සියලු තරග එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී)
නොවැ. 24 - දඹුල්ල පිල සහ කොළඹ පිල අතර (පෙරවරුවේ)
නොවැ. 24 - මහනුවර පිල සහ ගාල්ල පිල අතර (පස්වරුවේ)
නොවැ. 25 - දඹුල්ල පිල සහ මහනුවර පිල අතර (පෙරවරුවේ)
නොවැ. 25 - කොළඹ පිල සහ ගාල්ල පිල අතර (පස්වරුවේ)
නොවැ. 27 - දඹුල්ල පිල සහ ගාල්ල පිල අතර (පෙරවරුවේ)
නොවැ. 27 - කොළඹ පිල සහ මහනුවර පිල අතර (පස්වරුවේ)
නොවැ. 29 - අවසන් මහ තරගය (පෙරවරුවේ)

 


අදහස් (0)

අන්තර් පළාත් තරග 24දා ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.