Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අකිල පරීක්‍ෂණයට චෙන්නායි යයි

අකිල පරීක්‍ෂණයට චෙන්නායි යයි

යොහාන් භාසුර - 2019 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට නැවතත් චෝදනා එල්ල වී සිටින පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්‍ෂණය සඳහා ඉන්දියාවේ චෙන්නායි නුවර පරීක්‍ෂණාගාරයකට යොමු කිරීමට තීරණය කර තිබේ. 

කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අනිද්දා (22) ආරම්භ වන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයෙන් පසුව අකිල පරීක්‍ෂණය සඳහා චෙන්නායි බලා පිටත්ව යෑමට නියමිතය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නවසීලන්තයට එරෙහිව පසුගිය ඉරිදා (18 වැනිදා) අවසන් වූ පළමු ටෙස්ට් තරගයේ කටයුතු කළ විනිසුරුවන් අකිලගේ පන්දු යැවීම නීති විරෝධී යැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවට පැමිණිළි කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කර තිබේ.

අකිල දින 14 තුළ අන්තර්ජාතික ක්‍රිකට් සභාව නම් කරන පරීක්‍ෂණාගාරයක් තෝරාගෙන එහිදී පරීක්‍ෂණයට සහභාගි විය යුතු අතර එහි ප්‍රතිඵලය අනුව ඔහුගේ පන්දු යැවීමේ අනාගතය තීරණය වේ. 

ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී යැයි පරීක්‍ෂණයෙන් සනාථ වුවහොත් වසරක තහනමක් පැනවීමට වැඩි ඉඩක් තිබේ. 25 හැවිරිදි අකිල මේ වන විට ටෙස්ට් තරග හයකදී කඩුලු 33 ක් දවාගෙන තිබේ.  

 ගාල්ලේදී පසුගිය වසරේ නොවැම්බර් මස එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී අකිලට පන්දු යැවීමේ ඉරියව් නීති විරෝධී යැයි පළමු වරට චෝදනා එල්ල වීමෙන් පසුව එය සකස්කරගැනීමෙන් පසුව මෙම වසර මුල නැවත පන්දු යැවීමේ අවස්ථාව උදාවිය.

නවසීලන්ත පිලේ නායක කේන් විලියම්සන්ගේ පන්දු යැවීමේ ඉරියව් ද සැක සහිත බවට ගාල්ල ටෙස්ට් තරගයේ විනිසුරුවන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවට පැමිණිළි කර තිබේ.   

 


අදහස් (0)

අකිල පරීක්‍ෂණයට චෙන්නායි යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.