Last Update  :  2024-03-29 14:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හර්ෂල් ගිබ්ස් අදහස වෙනස් කරයි

හර්ෂල් ගිබ්ස් අදහස වෙනස් කරයි

editorial - 2020 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවේ හර්ෂල් ගිබ්ස් මහතා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනී විස්තර විචාරයට එක්වන බව තහවුරු කර තිබේ.

තරග සංවිධායකයින් විසින් හර්ෂල් ගිබ්ස් මහතා විස්තර විචාරක කණ්ඩායමට නම්කර තිබුණද තමන් ඊට එක් නොවන බව ගිබ්ස් මහතා පසුව සිය ට්විටර් ගිණුමේ සදහන් කර තිබුණි. එහෙත් පෞද්ගලික හේතූන් මත තරගාවලියෙන් ඉවත්වන බව පැවැසු ගිබ්ස් මහතා නැවතත් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තමන් එල්.පී.එල්. තරගාවලිය සඳහා එක්වන බව තහවුරු කර තිබුණි.

ගිබ්ස් මහතාට අමතරව දකුණු අප්‍රිකාවේ මයික් හේන්ස්මන්, පාකිස්තානයේ අමීර් සොහේල්, බටහිර ඉන්දීය කොදෙව්හි ඩැරන් ගංගා, ශ්‍රී ලංකාවේ රසල් ආර්නල්ඞ් සහ රොෂාන් අබේසිංහ යන මහත්වරු එල්. පී.එල්. විස්තර විචාරක කණ්ඩායමට එක්ව සිටිති.


- 207


අදහස් (0)

හර්ෂල් ගිබ්ස් අදහස වෙනස් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.