Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සී.සී.සී - මීගමුව තියුණු සටනක

සී.සී.සී - මීගමුව තියුණු සටනක

රොෂාන් ගුණරත්න - 2020 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ සිව්වැනි සතියේ තරග අද (21 වැනිදා) ආරම්භවූ අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී පැවැති සි.සී.සී. සහ මීගමුව කණ්ඩායම් අතර තරගයේදී තියුණු සටනක් දක්නට ලැබුණි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සී.සී.සී පිලේ පළමු ඉනිම ලකුණු 142 කට සීමා කිරිමට මීගමුව පිලේ පන්දු යවන්නෝ සමත්වූහ.

ලසිත් අබේරත්න (59) අර්ධ ශතකයක් සහ මාලින්ද පුෂ්පකුමාර ලකුණු 35 ක් ලබාගැනීමට සමත්වුවද සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසුකිරීමට මීගමුව පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.

රොෂේන් ප්‍රනාන්දු කඩුලු 3 ක් ද, ඩිල්ෂාන් මුණවීර සහ සහන් අදීෂ කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පිළිතුරු ඉනිම ආරම්භ කළ මීගමුව පිල ලකුණු 141 කට සීමාකරමින් පළමු කඩඉම පසුකිරීමට සී.සී.සී ක්‍රීඩකයෝ සමත්වූහ. අෂාන් ප්‍රියංජන් ලකුණු 24 කට කඩුලු 6 ක් සහ මාලින්ද පුෂ්පකුමාර ලකුණු 58 කට කඩුලු 4 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පසිඳු ලක්ෂංක ලකුණු 43 ක් ලබාගැනීමට සමත්වුවද සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාව පසුකිරීමට අවස්ථාවක් හිමිනොවූහ.

පළමු දිනයට තරගය අවසන් කරනවිට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි සී.සී.සී පිල කිසිවෙකු නොදැවී ලකුණු 26 ක් රැස්කර සිටියේය.

තවත් තරග 4 ක් අද ආරම්භවූ අතර එහිදී මනෝජ් සරත්චන්ද්‍ර (ද්‍රවිඩ සංගමය), තික්‍ෂිල ද සිල්වා (මේරියන්ස්) ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

බදුරලිය පිලේ ළහිරු සමරකෝන්, මූවර්ස් පිලේ චතුර රංඳුණු කඩුලු 5 බැගින් දවාගනිමින් අද දිනයේදී පන්දුවෙන් දස්කම් දැක්ැවීමට සමවූහ.

සී.සී.සී පළමු ඉනිම -  සියලුදෙනා දැවී 142
(ලසිත් අබේරත්න 59, මාලින්ද පුෂ්පකුමාර 35, රොෂේන් ප්‍රනාන්දු 22/3, ඩිල්ෂාන් මුණවීර 23/2, සහන් අදීෂ 25/2)

මීගමුව පළමු ඉනිම -  සියලුදෙනා දැවී 141
(පසිඳු ලක්ෂංක 43, අෂාන් ප්‍රියංජන් 24/6, මාලින්ද පුෂ්පකුමාර 58/4)

සී.සී.සී දෙවැනි ඉනිම -  කිසිවෙකු නොදැවී 26
(පවන්ත වීරසිංහ නොදැවී 24)

 

---------------------------------------------------------------------------------------------------

මනෝජ්ගෙන් ශතකයක්

ද්‍රවිඩ සංගමය සහ රාගම කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී

ද්‍රවිඩ සංගමය පළමු ඉනිම -  කඩුලු 6 ක් දැවී 369
(තරංග පරණවිතාන 35, කිත්රුවන් විතානගේ 77, මනෝජ් සරත්චන්ද්‍ර 113, රන්මිත් ජයසේන නොදැවී 81, මදුක ලියනපතිරණගේ නොදැවී 21, ඉෂාන් ජයරත්න 72/2, කල්හාර සේනාරත්න 102/2)

---------------------------------------------------------------------------------------------------

තික්‍ෂිලගෙක් ශතකයක් සහ ළහිරුගෙන් කඩුලු 5 ක්

හලාවත මේරියන්ස් සහ බදුරලිය කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී

මේරියන්ස් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 206
(තික්‍ෂිල ද සිල්වා නොදැවී 119, ඕෂද ප්‍රනාන්දු 24, ළහිරු සමරකෝන් 86/5, තිලකරත්න සම්පත් 58/2, බුද්ධික සංජීව 55/2)

බදුරලිය පළමු ඉනිම -  කඩුලු 2 ක් දැවී 128
(යශෝධ ලංකා 51, අසිත ප්‍රනාන්දු 65/2)

---------------------------------------------------------------------------------------------------

ලන්කන් 229, සැරසන්ස් 28/0

ලන්කන් සහ සැරසන්ස් කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී

ලන්කන් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 229
(කසුන් අබේරත්න 33, දමිත සිල්වා 27, ගීත් කුමාර 27, සවන් කන්කානම්ගේ 25, මාලිංග අමරසිංහ 76, චාමිකර එදිරිසිංහ 61/4, මොහොමඞ් ඩිල්ෂාඞ් 65/3, සාලිය සමන් 42/2)

සැරසන්ස් පළමු ඉනිම -  කිසිවෙකු නොදැවී 28

---------------------------------------------------------------------------------------------------

රංඳුණුගෙන් කඩුලු 5 ක්

මූවර්ස් සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී

කෝල්ට්ස් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 214
(සධීර සමරවික්‍රම 37, හේෂාන් ධනුෂ්ක 49, සංතුෂ් ගුණතිලක 34, විශාද් රංදික 24, ප්‍රියමාල් පෙරේරා 27, චතුර රංඳුණු 42/5, රමේෂ් මෙන්ඩිස් 27/2)

මූවර්ස් පළමු ඉනිම -  කඩුලු 2 ක් දැවී 43


අදහස් (0)

සී.සී.සී - මීගමුව තියුණු සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.