Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිසිල් බීම සැපයුම්කරු මයි කෝලා

සිසිල් බීම සැපයුම්කරු මයි කෝලා

රොෂාන් ගුණරත්න - 2020 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළ සිසිල් බීම සැපයුම්කරු වශයෙන් දේශීය සමාගමක් වන මයි කෝලා බෙවරේජස් පුද්ගලික සමාගම ඉදිරිපත් වී තිබේ. එම සමාගම සමග අදාළ ගිවිසුම අත්සන් කිරීම ඊයේ (1 වැනිදා) කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ.

මේ වසරේ ජුලී 01 වැනිදා සිට වසර තුනක කාලයක් සඳහා මෙම ගිවිසුම වලංගු වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් මොහාන් ද සිල්වා මහතාත්, මයි කෝලා බෙවරේජස් පුද්ගලික සමාගම වෙනුවෙන් එහි කළමණාකාර අධ්‍යක්‍ෂ මහින්ද පෙරේරා මහතාත් මෙම ගිවිසුමට අත්සන් කළහ. එම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා, මයි කෝලා බෙවරේජස් පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්‍ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී ශාම් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග යන මහත්වරුන් සහභාගී වූහ.

නවතම හවුල්කාරිත්වය යටතේ, සියළුම ක්‍රීඩකයින්ට, උත්සව අවස්ථාවන්ට, ආගන්තුක සත්කාරක ස්ථානවලට ආගන්තුකයින්ට හා ප්‍රභූවරුන්ට සංග්‍රහ කිරීමේදී මයි කෝලා බෙවරේජස් පුද්ගලික සමාගමට අයිතිය හිමිවනු ඇත. සෑම තරඟයකදීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා මයි කෝලා සමාගම සැලකිය යුතු ආයෝජනයක් කරනු ඇත.
“මයි කෝලා බෙවරේජස් සමාගම අපගේ නිල සිසිල් බීම සහකරු ලෙස කටයුතු කරනු ලැබීම ගැන අපි සතුටු වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ වැඩ කිරීමට ඔවුන් දක්වන උනන්දුව අගය කරනවා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.

කොරෝනා වසංගතය හේතුවෙන් මෑත කාලයේදී සියලු ආකාරයේ ක්‍රීකට් තරග නැවැත්වීමෙන් පසුව මෙම අනුග්‍රාහකත්වයේ කාලය ක්‍රිකට් ක්‍රීඩාවට වැදගත් අවස්ථාවක් සනිටුහන් කරන අතර එය ක්‍රීඩාවේ සහ එහි රසිකයන්ගේ ප්‍රයෝජනය සඳහා සක්‍රීය තරඟකාරීත්වයකට එළඹෙමින් පවතින බව මොහාන් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

 


අදහස් (0)

සිසිල් බීම සැපයුම්කරු මයි කෝලා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.