Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ස්ලාඩාර් නව සභාපති කාමීල් හුසේන්

ස්ලාඩාර් නව සභාපති කාමීල් හුසේන්

Nisanka Sandeepani - 2017 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩීසල් හා මෝටර් රථ ඉංජිනේරු සමාගම් (ඩීමෝ) ශ්‍රවණාගාරයේදී පැවැති ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමයේ (ස්ලාඩාර්) 34 වැනි වාර්ෂික මහ සභා රැස්වීමේදී එම සංගමයේ නව සභාපති වරයා ලෙස කාමීල් හුසේන් මහතා නිතරගයෙන් පත් විය. 


හිටපු සභාපති නිසාන් වාසලතන්ත්‍රී මහතාගේ යෝජනාවකින් සහ හිටපු භාණ්ඩාගාරික පුබුදු වික්‍රම මහතාගේ යෝජනා ස්ථීරත්වයෙන් කාමීල් හුසේන් මහතා එළබෙන වසර (2018) සඳහා සංගමයේ සභාපති ධූරයට පත් විය. 

කාමීල් හුසේන් මහතාගේ යෝජනාවකින් සහ මහින්ද ජයවර්ධන මහතාගේ ස්ථීරත්වයෙන් හිටපු ලේකම් ප්‍රශාන් විජේනායක මහතා නැවත වරක් සංගමයේ ලේකම් ධුරය සඳහා තේරී පත්විය. 

මෙටර මෝටර් රථ ක්‍රීඩාවට මහඟු සේවයක් ඉටුකළ ක්‍රීඩා සමාජයක් ලෙස ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය හැඳින්විය හැකි අතර එම සංගමයේ ආරම්භක සභාපතිවරයා වූ රොඞ්නි මේසන් මහතාද මෙම මහ සභා රැස්වීමට සහභාගි විය. 

කටුකරුන්ද රොදර්හැම්, නරියා කන්දි සුපර්ක්‍රොස්, රදැල්ල කඳු තරණය, ගජබා සුපර්ක්‍රොස්, ගනර් සුපර්ක්‍රොස්, කැවල්රි සුපර්ක්‍රොස්, සීගිරිය රැළික්‍රොස්, කමාන්ඩෝ සුපර්ක්‍රොස් සහ කොළඹ සුපර්ක්‍රොස් වැනි මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලි රැසක් මෙරටට හදුන්වාදෙනු ලැබුවේද ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය විසිනි. 


නව නිලධාරී මණ්ඩලය 
සභාපති - කාමීල් හුසේන් මහතා 
ලේකම් - ප්‍රශාන් විජේනායක මහතා 
උප සභාපතිවරු - සමීර අබේනායක සහ සුමින්ද ද සිල්වා මහතා 
උප ලේකම් - ඩැන් ද සිල්වා මහතා 
භාණ්ඩාගාරික - සාරංග ගුණවර්ධන මහතා 
උප භාණ්ඩාගාරිකවරු - චානක හෙට්ටිආරච්චි මහතා සහ ඇන්ඩෘ ක්ලාව්ස් මහතා 
කමිටු සාමාජිකයෝ - රොඞ්නි මේසන්, මහින්ද ජයවර්ධන, නිසාන් වාසලතන්ත්‍රී, පුබුදු වික්‍රම, මහින්ද පෙරේරා, ගාමිණී කවිකාර සහ ෂේන් ගුණවර්ධන යන මහත්වරු 

ඉදිරිපෙළ (වමේ සිට දකුණට) - ප්‍රශාන් විජේනායක මහතා (ලේකම්), නිසාන් වාසලතන්ත්‍රී මහතා (හිටපු සභාපති), කාමීල් හුසේන් මහතා (සභාපති), රොඞ්නි මේසන් මහතා (ආරම්භක සභාපති) සහ සාරංග ගුණවර්ධන මහතා (භාණ්ඩාගාරික) 

පසුපෙළ (වමේ සිට දකුණට) - මහින්ද ජයවර්ධන, සුමින්ද ද සිල්වා, සමීර අබේනායක, ඩැන් ද සිල්වා, පුබුදු වික්‍රම, ඇන්ඩෘ ක්ලාව්ස්, මහින්ද පෙරේරා, ෂේන් ගුණවර්ධන සහ චානක හෙට්ටිආරච්චි යන මහත්වරු 

 


අදහස් (0)

ස්ලාඩාර් නව සභාපති කාමීල් හුසේන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.