Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ස්කොට්ලන්තයේ හිටපු නායකයාටත් කොරෝනා

ස්කොට්ලන්තයේ හිටපු නායකයාටත් කොරෝනා

editorial - 2020 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

තමාට කෙරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ස්කොට්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මජිඩ් හක් ට්විටර් පණිවිඩයක් ඔස්සේ නිවේදනය කර තිබේ.
 
දෙවියන්ගේ පිහිටෙන් තමාට ඉතා ඉක්මනින්ම පූර්ණ සුවය ලැබෙනු ඇතැයිද ඔහු එම පණිවිඩයේ සඳහන් කර තිබිණ.
ස්කොට්ලන්තයේ පයිස්ලි නුවර වාසය කරන තිස්හත් හැවිරිදි මජීඩ්, මේ වන විට ඇලෙක්සැන්ඩ්‍රියා රාජකීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

තමාට මෙම වෛරසය ආසාදනය වන්නට ඇත්තේ ලන්ඩන්හි දුම්රියක ගමන් ගනිමින් සිටියදී බවට තමා විශ්වාස කරන බවද ඔහු එහි සඳහන් කර තිබිණ.
 
2006 වසරේදී ජාත්‍යන්තර තරග බිමට අවතීර්ණ වූ මජීඩ්, 2015 වසරේදී ක්‍රීඩාවෙන් සමුගන්නා විට තරග 54 කට සහ විස්සයි20 තරග 21 කට ක්‍රීඩා කර තිබිණ.

එක්දින තරග වලදී 32.91 ක සාමාන්‍යයක් රඳවාගනිමින් කඩුලු 60 ක් දවාගත් මෙම පිට දඟපන්දු යවන්නා, විස්සයි20 තරග වලදී කඩුලු 28 ක් දවාගත්තේ එකකට ලකුණු 16.85 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි.
 
-036

ඡායාරූපය - බී.බී.සී. අනුග්‍රහයෙනි​


අදහස් (0)

ස්කොට්ලන්තයේ හිටපු නායකයාටත් කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.