Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සචිනි රණසිංහ පෙරමුණ ගනී

සචිනි රණසිංහ පෙරමුණ ගනී

ශානුක අරවින්ද - 2020 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා ගෝන් ප්‍රී චෙස් තරගාවලියේ පළමු කොටස අවසානයේදී ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට එන්.එෆ්. - 3 චෙස් සමාජයේ සචිනි රණසිංහ සමත් වූවාය. ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සංවිධානයෙන් එම මුලස්ථානයේදී ඉකුත් 25 වැනිදා ආරම්භ වූ මෙම තරගාවලියේ පළමු කොටස පසුගිය 27 වැනිදා නිමාවට පත්විය.

සිව් වසරක් ජාතික චෙස් ශූරිය ලෙස කිරුළු දරා සිටින සචිනි, තරගාවලියේ පළමු කොටසේදී තමා සහභාගි වූ 6 වැනි තරගය නිලුනිකා මෙත්මිනි හමුවේ ජය පරාජයෙන් තොරව අවසන් කරගනිමින් ලකුණු 5 1/2 ක් ලබා අපරාජිතව දෙවැනි කොටසට පිවිසියාය.  

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නෙලුනිකා, ලකුණු 5 ක් ලබා තරගාවලියේ පළමු කොටස අවසානයේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටින අතර කොළඹ විශාකා විදුහලේ තරුෂි නිලේක්ෂා ලකුණු 4 1/2 ක් ලබා එම සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටින්නීය.

කොරෝනා වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු කාන්තා චෙස් තරගාවලිය මෙය වන අතර ඒ සඳහා ක්‍රීඩිකාවන් 11 දෙනෙක් සහභාගි වෙති. අවසන් වරට පැවැති චෙස් තරගාවලිවලදී දැක්වූ දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් ශ්‍රී ලංකා චෙස් සම්මේලනය එම ක්‍රීඩිකාවන් 11 දෙනා තරගාවලිය සඳහා තෝරාගෙන තිබේ.

මෙම තරගාවලියේදී සෑම ක්‍රීඩිකාවක්ම සෑම සෑම ක්‍රීඩිකාවකට එරෙහිවම තරග වැදිය යුතු අතර ඒ අනුව එක් ක්‍රීඩිකාවකට එහිදී තරග 10 කට බැගින් සහභාගිවීමට සිදුවනු ඇත. තරගාවලියේ දෙවැනි කොටස මේ මස 31 වැනිදා සිට අගෝස්තු මස 2 වැනිදා දක්වා ශ්‍රී ලංකා චෙස් සම්මේලන මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

තරග වට 6 ක් අවසානයේ ලකුණු සටහන

1. සචිනි රණසිංහ (එන්.එෆ්.3 චෙස් සමාජය) - 5 1/2
2. නෙලුනිකා මෙත්මිනි (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) - 5
3. තරුෂි නිලේක්ෂා (කොළඹ විශාඛා විද්‍යාලය) - 4 1/2
4. අශ්විනී පවලචන්ද්‍රන් (කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසල) - 4
5. ජනන්දනී අබේසිංහ (උසස් බාලිකා විද්‍යාලය) - 3 1/2
6. දිනුෂ්කි ප්‍රේමනාත් (මොරටුව විශ්ව විද්‍යාලය) - 3
7. සංදීපනී තරුෂි (කොළඹ දේවි බාලිකා විශ්ව විද්‍යාලය) - 3
8. ප්‍රසංසා ප්‍රේමනාත් (මහනුවර උසස් බාලිකා විද්‍යාලය) - 3
9. සයුමි ගමගේ (කොළඹ මියුසියස් විදුහල) - 2
10. ඔනෙලි වීරවර්ධන (රත්නපුර ලයිසියම් ජාත්‍යන්තර පාසල) - 1 1/2
11. සයුමි විමන්සා (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය) - 1


සචිනි රණසිංහ සහ අශ්විනී පවලචන්ද්‍රන් අතර තරගයේ අවස්ථාවක්...


අදහස් (0)

සචිනි රණසිංහ පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.