Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ෂාරුක් ඛාන්ලා ඇමරිකානු ක්‍රිකට් ලීගයේත් කොටස් මිලදී ගනිති

ෂාරුක් ඛාන්ලා ඇමරිකානු ක්‍රිකට් ලීගයේත් කොටස් මිලදී ගනිති

editorial - 2020 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි‍යේ ජනප්‍රිය බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සම හිමිකාරීත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම, ඇමරිකා එක්සත් ජනපදයේ නගර පදනම් කරගනිමින් පැවැත්වෙන ‘මේජර් ලීග් ක්‍රිකට්’ තරගාවලියේ කොටස් මිලදීගෙන ඇතැයි වාර්තා වේ.  මේජර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක අදියර කණ්ඩායම් 6 ක සහභාගීත්වයෙන් 2022 වසරේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අයි.පී.එල්. තරගාවලි‍යට සහභාගි වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මෙන්ම කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වන ට්‍රින්බගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වයද දරන නයිට් රයිඩර්ස් සමූහය, සම්බන්ධවන තෙවැනි විස්සයි20 ලීගය මෙය වනු ඇත.

මේ දින වල ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලි‍යේ කණ්ඩායමක් මිලදී ගන්නා ලෙස එහි සංවිධායකයන් නයිට් රයිඩර්ස් සමූහයට ආරාධනා කර සිටියද, ඔවුහු එම ආරාධනාවට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූහ.

ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම මේ වසරේදී (2020) අපරාජිත බව රැකගනිමින් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිටයේ ශූරතාව දිනාගත්තේය. එය ඔවුන් කැරිබියන් ප්‍රිමියර් ලීග් ශූරතාව දිනාගත් සිවුවැනි අවස්ථාවද විය. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ‍ අයි.පී.එල්. තරගාවලි‍ දෙකකදී ශූරතාව දිනාගැනීමට සමත්වී ඇත.

“දැන් වසර ගණනාවක් තිස්සේ අපි නයිට් රයිඩර්ස් සන්නාමය ලොව පුරා ව්‍යාප්ත කරමින් සිටිනවා. ඇමරිකා එක්සත් ජනපද විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය දෙස ඉතාමත් සමීපව බලා සිටිනවා.“ යැයි ෂාරුක් ඛාන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

“මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලුම අංශ සඳහා ඉදිරි වසරවලදී අපගේ හවුල්කාරිත්වය හරහා  අතිවිශාල දායකත්වයක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා” යැයිද එම නිවේදනයේ සඳහන් විය.

-036

 


අදහස් (0)

ෂාරුක් ඛාන්ලා ඇමරිකානු ක්‍රිකට් ලීගයේත් කොටස් මිලදී ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.