Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවේ රන් පදක්කම් ගණන 39 ට නගී

ශ්‍රී ලංකාවේ රන් පදක්කම් ගණන 39 ට නගී

editorial - 2019 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේදී පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ නමවැනි දිනය (9 වැනිදා) නිමාවන විට රන් පදක්කම් 39 ක්, රිදී පදක්කම් 79 ක් සහ ලෝකඩ පදක්කම් 118 ක් සමග පදක්කම් 236 ක් දිනා සිටින ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටියි.

ඊයේ දිනය (8 වැනිදා) අවසානයේ රන් පදක්කම් 36 ක්, රිදී පදක්කම් 68 ක් සහ ලෝකඩ පදක්කම් 93 ක් සමග පදක්කම් 197 ක් දිනා සිටි ශ්‍රී ලංකාව අද දිනයේදී සිය පදක්කම් ගොන්නට තවත් රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 11 ක් සහ ලෝකඩ පදක්කම් 25 ක් එක්කර ගත්තේය.

රන් පදක්කම් 158 ක්, රිදී පදක්කම් 92 ක් සහ ලෝකඩ පදක්කම් 44 ක් සමග පදක්කම් 294 ක් දිනා සිටින ඉන්දියාව පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටින අතර සත්කාරක නේපාලය රන් පදක්කම් 49 ක්, රිදී පදක්කම් 54 ක් සහ ලෝකඩ පදක්කම් 92 ක් සමග පදක්කම් 195 ක් දිනා එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි.

පාකිස්තානය පදක්කම් සටහනේ සිවුවැනි ස්ථානයේ රැදී සිටින අතර රන් පදක්කම් 32 ක්, රිදී පදක්කම් 38 ක් සහ ලෝකඩ පදක්කම් 54 ක් සමග ඔවුන් දිනා සිටින මුලු පදක්කම් සංඛ්‍යාව 124 කි.


 

-036

 


අදහස් (0)

ශ්‍රී ලංකාවේ රන් පදක්කම් ගණන 39 ට නගී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.