Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවෙන් 8 දෙනෙක් ඉන්දියාවට යති

ශ්‍රී ලංකාවෙන් 8 දෙනෙක් ඉන්දියාවට යති

editorial - 2019 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙසැම්බර් මස 2 වැනිදා සිට 6 වැනිදා දක්වා ඉන්දියාවේ පූනේහිදී පැවැත්වෙන අටවැනි ‘සම්මේලන කුසලාන’ ජාත්‍යන්තර කැරම් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙක් සහභාගි වීමට නියමිතය.

ජාතික කැරම් තේරීම් කමිටුව විසින් තෝරා ගන්නා ලද ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ ඉහළම ශ්‍රේණිගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකු උක්ත තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිතය. මේ වන විට එම සංචිතය ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා යොමුකර තිබේ.

ජාත්‍යන්තර කැරම් සම්මේලනය සහ ඉන්දීය කැරම් සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන මෙම ශූරතාවලිය සඳහා සත්කාරක ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 16 ක ක්‍රීඩක ක්‍රීඩිකායවන් සහභාගී වීමට නියමිතය.

පස්වැනි ලෝක කුසලාන කැරම් ශූරතාවලියේදී ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා පිරිමි කැරම් කණ්ඩායමේ අත්දැකීම් සහිත ක්‍රීඩකයින් දෙදෙනෙකුද, අනු ශූරතාවය හිමිකරගත් කාන්තා කැරම් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙකුද මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටිති.


ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම  
ෂහීඞ් හිල්මි (කොළඹ රාජකීය විද්‍යාලය), නිශාන්ත ප්‍රනාන්දු, (ශ්‍රී ලංකා නාවික හමුදාව), අනස් අහමඞ් (ශ්‍රී ලංකා යුද හමුදාව), දිනෙත් දුලක්‍ෂණ (ශ්‍රී ලංකා ගුවන් හමුදාව) සහ එම්.ෂෙරීෆ්ඩීන් (ශ්‍රී ලංකා යුද හමුදාව) - අතිරේක


කාන්තා කණ්ඩායම  
චලනි ලක්මාලි ලියනගේ (ශ්‍රී ලංකා ගුවන් හමුදාව), ජෝශප් රොෂිටා, (ශ්‍රී ලංකා නාවික හමුදාව), මධුකා දිල්ශානි රණවීර (ශ්‍රී ලංකා යුද හමුදාව), එම්. චිත්‍රාදේවී (ශ්‍රී ලංකා යුද හමුදාව) සහ රෙබෙකා ඩැල්රින් (ශ්‍රී ලංකා යුද හමුදාව) - අතිරේක


-036

 


අදහස් (0)

ශ්‍රී ලංකාවෙන් 8 දෙනෙක් ඉන්දියාවට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.