Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙළඳ සේවා විස්සයි20 ක්‍රිකට් ශූරතාව හේලීස් පිලට

වෙළඳ සේවා විස්සයි20 ක්‍රිකට් ශූරතාව හේලීස් පිලට

රොෂාන් ගුණරත්න - 2020 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට අවිශ්ක ප්‍රනාන්දු නායකත්වය දරණ හේලීස් පිල (26 වැනිදා) සමත්විය. වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී මාස් යුනිචෙලා පිලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට හේලීස් පිල සමත්විය.

කාසියේ වාසිය දිනූ හේලීස් පිල පළමුව පන්දුවට පහරදීමට මාස් යුනිචෙලා පිලට ආරාධනා කළ අතර ඕවර 19.1 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 145 ක් පමණි.

ලකුණු 67 කට කඩුලු 5 ක් දැවී තිබියදී 6 වැනි කඩුල්ල සඳහා එක්වූ කමිඳු මෙන්ඩිස් සහ වනිඳු හසරංග පන්දු 35 කදී ලකුණු 53 ක සම්බන්ධතාවයක් පවත්වමින් යුන්චෙලා ඉනිම ගොඩනැගීමට සමත්වූහ.

එහදී කමිඳු මෙන්ඩිස් පන්දු 33 කදී ලකුණු 35 ක් ලබාගත් අතර වේගවත් පිතිහරඹයක නිරතවූ වනිඳු හසරංග පන්දු 25 කදී ලකුණු 42 ක් ලබාගැනීමට සමත්විය.

ළහිරු සමරකෝන් සිය ඕවර 4 ලකුණු 19 කට සීමාකරමින් කඩුලු 4 ක් දවාගත් අතර සංතුෂ් ගුණතිලක ලකුණු 35 කට කඩුලු 2 ක් දවාගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 146 ක ඉලක්කයක් හඹාගිය හේලීස් පිල ඕවර 17.5 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ රොන් චන්ද්‍රගුප්ත පන්දු 49 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 55 ක් රැස්කරමින් හේලීප් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය. ඔහුට අනගි සහයක් ලබාදුන් සචිත්‍ර සේරසිංහ පන්දු 27 කදී ලකුණු 33 ක් ලබාගත්තේය. ළහිරු සමරකෝන් ලකුණු 21 ක් ලබාගැනීමට සමත්විය.

රොන් චන්ද්‍රගුප්ත සහ සචිත්‍ර සේරසිංහ එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 61 කදී ලකුණු 71 ක සම්බන්ධතාවයක් පවත්වමින් ජයග්‍රහණයේ අඩිතාලම දැමූහ.

අනුක් ප්‍රනාන්දු ලකුණු 19 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද හේලීස් පිලේ ජයග්‍රහණය වැලැක්වීමට අපොහොසත් විය.

අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සහ තරගාවලියේ හොඳම පන්දු යවන්නා ලෙස හේලීස් පිලේ ළහිරු සමරකෝන් සම්මාන දිනාගන්නා විට එම කණ්ඩායමේම අවිශ්ක ප්‍රනාන්දු තරගාවලියේ දක්ෂතම පිතිකරුට හිමි සම්මානය දිනාගත්තේය.

යුනිචෙලා - ඕවර 19.1 කදී සියලුදෙනා දැවී ලකුණු 145
(වනිඳු හසරංග 42, කමිඳු මෙන්ඩිස් 35, ළහිරු සමරකෝන් 19/4, සංතුෂ් ගුණතිලක 35/2)

හේලීස් - ඕවර 17.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 146
(රොන් චන්ද්‍රගුප්ත නොදැවී 55, සචිත්‍ර සේරසිංහ 33, ළහිරු සමරකෝන් 21, අනුක් ප්‍රනාන්දු 19/2)

 


අදහස් (0)

වෙළඳ සේවා විස්සයි20 ක්‍රිකට් ශූරතාව හේලීස් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.