Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙල්ලාලගේ - මෙත්සිත් එක්ව ලන්කන්ස් දිනවති

වෙල්ලාලගේ - මෙත්සිත් එක්ව ලන්කන්ස් දිනවති

රොෂාන් ගුණරත්න - 2021 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 23 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට ලන්කන් පිල සමත්විය. බොරැල්ල පී. සරවනමුත්තු ඕවල් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී කෝල්ට්ස් පිල කඩුලු 3 කින් පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ලන්කන් පිල සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ලන්කන් පිල පළමුව පන්දුවට පහරදීම සඳහා කෝල්ට්ස් පිලට ආරාධනා කළ අතර ඕවර 43.1 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 189 ක් පමණි. ධනංජය ලක්ෂාන් පන්දු 80 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 55 ක් ලබාගත් අතර නායක විශාද් රංදික පන්දු 73 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 38 ක් ලබාගත්තේය.

ලන්කන්ස් පිලේ යසිරු රුද්රිගු (39/4), ළහිරු දිල්ෂාන් (14/3) සහ දුනිත් වෙල්ලාලගේ (32/2) පන්දුවෙන් දස්කම් දැක්වූහ. ලන්කන් පිල ඕවර 47.5 කදී කඩුලු 7 ක් පමණක් දැවී අපහසුවෙන් තොරවම ඉලක්කය පසුකර ගියේය.

නායක දමිත් සිල්වා පන්දු 68 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 41 ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු විශ්ව චතුරංග පන්දු 35 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 33 ක් ලබාගත්තේය.

ලකුණු 139 කට කඩුලු 6 ක් දැවී තිබියදී 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 48 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ලන්කන් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට දුනිත් වෙල්ලාලගේ (නොදැවී 22) සහ මෙත්සිත් ජයමාන්න (26) සමත්වූහ.

එස්.එස්.සී පිල සමගින් අවසන් මහා තරගය ඉරිදා (28 වැනිදා) එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කෝල්ට්ස් - ඕවර 43.1 කදී සියලුදෙනා දැවී 189
(හේෂාන් ධනුෂ්ක 21, ධනංජය ලක්ෂාන් 55, විශාද් රංදික 38, යසිරු රොඩ්්‍රගු 39/4, ළහිරු දිල්ෂාන් 14/3, දුනිත් වෙල්ලාලගේ 32/2)

ලන්කන් - ඕවර 47.5 කදී කඩුලු 7 ක් දැවී 190
(විශ්ව චතුරංග 33, කසුන් අබේරත්න 26, දමිත් සිල්වා 41, දුනිත් වෙල්ලාලගේ නොදැවී 22, මෙත්සිත් ජයමාන්න 26, රොහාන් සංජය 27/2, ආමන්ත ගුණරත්න 42/3)

 


අදහස් (0)

වෙල්ලාලගේ - මෙත්සිත් එක්ව ලන්කන්ස් දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.