Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙරළ වොලිබෝල් තේරීම් තරග 7 දා

වෙරළ වොලිබෝල් තේරීම් තරග 7 දා

නාමල් පතිරගේ - 2020 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


චීනයේදී පැවැත්වෙන පස්වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් වෙරළ වොලිබෝල් කාන්තා හා පිරිමි සංචිත ආරම්භ  කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සැරසේ. ඒ සඳහා තේරීම් පරීක්ෂණයන්ද ලබන ඉරිදා (7) පැවැත්වීමට සම්මේලනය අපේක්ෂා කරයි.

මෙම තේරීම් තරග ඉරිදා (7) පෙරවරු 8.30 ට හෙයියන්තුඩුව තරුණ සේවා සභා වෙරළ වොලිබෝල් පිටියේදී ආරම්භ වේ.

මේ ස‍ඳහා ක්‍රීඩකයන් 12 දෙනකු සහ ක්‍රීඩිකාවන් 12 දෙනකු සහභාගි වීමට නියමිතය. ඔවුන් අතුරින් ජාතික සංචිතය සඳහා ක්‍රීඩකයන් 6 දෙනකු සහ ක්‍රීඩිකාවන් 6 දෙනකු තෝරා ගන්නා නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වන්නේ ක්‍රීඩකයන් 4 දෙනකු සහ ක්‍රීඩිකාවන් 4 දෙනකු පමණි.

චිනයේ ‘සන්සං’ නුවරදී පස්වැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන නොවැම්බර් 28 වැනිදා සිට දෙසැම්බර් 5 වැනිදා  දක්වාය. වෙරළ ක්‍රීඩා  ඉසව් 19 ක් ඊට ඇතුළත් වේ.

මෙම ක්‍රීඩා උළෙල යොදා ගත් පරිදි පැවැත්වෙන බව මේ වනවිට තරග සංවිධායකයන් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් හය දෙනෙකු බැගින් වන කාන්තා හා පිරිමි පුහුණු සංචිත දෙකක් ලබන ජුනි 9 වැනිදා සිට  දියත් කිරීමට වොලිබෝල් සම්මේලනය අපේක්ෂා කරයි.

ඒ සඳහා වන ක්‍රීඩක ක්‍රිඩිකාවන් 24 දෙනකුගෙන් සමන්විත පුහුණු සංචිත දෙකක් වොලිබෝල් සම්මේලනය වසර මුලදී ආරම්භ කළ අතර රට තුළ උද්ගතවූ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එය තාවකාලිකව අත්හිටුවීමට වොලිබෝල් සම්මේලනය පියවර ගත්තේය.

මෙම වසරට නියමිත ආසියානු සම්මේලන අභියෝග   ශූරතා (පිරිමි) වොලිබෝල් තරගාවලිය (කිරිගිස්තානයේදී) හා  ආසියානු කාන්තා වොලිබෝල් ශූරතා තරගාවලිය සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකාව තවදුරටත්  අපේක්ෂාවෙන් පසු වේ.

ඒ අනුව ඒ සඳහා සහයෝගය දක්වන ලෙස නොබෝදා පැවැති ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන්ගේ හමුවකදී වොලිබෝල් සම්මේලනය ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

 


අදහස් (0)

වෙරළ වොලිබෝල් තේරීම් තරග 7 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.