Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විශ්වයේ ලොක්කා ලකුණු 16 ක් පසුපසින්

විශ්වයේ ලොක්කා ලකුණු 16 ක් පසුපසින්

editorial - 2020 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආරම්භයේ සිටම අයි.පී.එල්. තරගාවලිය තනි අතින් ගෙන හෙළවූ කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් මෙවර තරගාවලියේදී තවත් වාර්තාවක් තැබීමට සූදානම් වෙයි. මේ දක්වා අයි.පී.එල්. තරග 125 කදී ලකුණු 4,484 ක් ලබා ඇති බටහිර ඉන්දීය පිතිකරුවාට අයිපීඑල් හි ලකුණු 4500 සීමාව ඉක්මවා යාමට අවශ්‍ය වන්නේ තවත් ලකුණු 16 ක් පමණි. ක්‍රිස් ගේල් ක්‍රීඩා කරන පන්ජාබ් කණ්ඩායම අද දිල්ලි පිල හමුවෙයි.

‘විශ්වයේ ලොක්කා‘ යයි තමන්වම හඳුන්වා ගන්නා කොදෙව් ආරම්භක පිතිකරුවාට අද පැවැත්වෙන
පළමු තරගය ක්‍රීඩා කර ලකුණු 16 ක් ලබා ගන්නේ නම්, ඩේවිඩ් වෝනර්ට පසුව එවැන්නක් කළ දෙවන විදේශීය ක්‍රීඩකයා වන්නේය.

විරාට් කෝලි (තරඟ 177 කදී ලකුණු 5,412), සුරේෂ් රයිනා (තරඟ 193 කදී ලකුණු 5,368), රෝහිත් ෂර්මා (තරඟ 188 කදී 4,898), ඩේවිඩ් වෝනර් (තරඟ 126 කදී ලකුණු 4,706)  සහ ශිකර් ධවාන් (තරඟ 159 කදී ලකුණු 4567 ක්) අයි. පී.එල්. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියෝ වෙති.

කෙසේ වෙතත් දිල්ලි පිල වෙනුවෙන් ක්‍රීඩා කරන ඉෂාන්ත් ෂර්මා තුවාල ලබා සිටීම ගේල්ට සිය වාර්තාව කරා යාමට තරමක වාසියක් වනු ඇත.

දිල්ලි පිලට එරෙහිව කෙරෙන තරගයේදී කේ.එල්. රාහුල්, ක්‍රිස් ගේල්, ග්ලෙන් මැක්ස්වෙල්, නිකලස් පූරන් සහ මයාන්ක් අගර්වාල් වැනි පිතිකරුවන් සමග කිංග්ස් XI පන්ජාබ් පිල ශක්තිමත් මට්ටමක සිටී.  මොහොමඩ් සාමි, ෂෙල්ඩන් කොට්‍රෙල්, ඉෂාන් පෝරෙල්, ක්‍රිස් ජෝර්ඩ්න්, රවී බිෂ්නෝයි, අර්ෂ්දීප් සිං සහ මුජීබ්-උර්-රහ්මාන් පන්ජාබ් පිල වෙනුවෙන් පන්දු යැවීමේ වගකීම කරට ගනිති.

- 213


අදහස් (0)

විශ්වයේ ලොක්කා ලකුණු 16 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.