Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වැන්ටේජ් කුසලාන පාපන්දු තරග හෙට සිට

වැන්ටේජ් කුසලාන පාපන්දු තරග හෙට සිට

නාමල් පතිරගේ - 2020 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ‘සභාපති - වැන්ටේජ් ’ කුසලාන  පාපන්දු තරගාවලිය හෙට (9) ආරම්භ වේ. ආරම්භක දිනයේ කොළඹ සුගතදාස හා රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණ දෙකේදී තරග හතරක් පැවැත්වීමට නියමිතය.

 තරගාවලියේ සියලු තරග පැවැත්වෙන්නේද මෙම ක්‍රීඩාංගණ දෙකේදීය. එහි විශේෂත්වය තරගාවලිය දින 2කට පමණක් සීමා කරමින්  පැවැත්වීමයි. ඊට ඇතුළත් මුළු තරග ගණන 37කි.  ජාතික පාපන්දු සංචිතයට නවක ක්‍රීඩකයන් හඳුනා ගැනීමේ පරමාර්ථය පෙරදැරිව මෙම තරගාවලිය සංවිධානය කිරීමට පාපන්දු සම්මේලනය පියවරගෙන තිබේ.

 පාපන්දු සම්මේලනයේ විධායක සභාවේ නිර්දේශයන්ට අනුව තෝරාගත් ක්‍රීඩා සමාජ20ක් මෙම තරගාවලියට සහභාගි වේ.

අර්ධ අවසන් පූර්ව වටය මෙම 23 - 24 දෙදිනදීත් අවසන් පූර්ව තරග මෙම 27 වැනිදාත් පැවැත්වීමට සැළසුම් කර තිබේ. තරගාවලිය නිමාවට පත් කෙරෙන අවසන් මහ තරගය කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ අගෝස්තු 31 වැනිදාය.

සභාපති කුසලාන දිනා ගන්නා කණ්ඩායමට හිමිවන ත්‍යාග මුදල රුපියල් ලක්ෂ දෙකකට සීමාවුණත් තරගාවලියේ සහභාගිත්වය වෙනුවෙන් සියලු  කණ්ඩායම් වෙත රුපියල් ලක්ෂ නවයේ සිට ලක්ෂ 15ක් දක්වා ගෙවීම් කිරීමට කටයුතු යොදා ඇත. ඒ සඳහා බර පැන දැරීම පාපන්දු සම්මේලනය විසින් සිදුකරන අතර අවසන් මොහොතේදී ‘මබොති’ හෝල්ඩින්ස් පෞද්ගලික ආයතනය ‘වැන්ටේජ්’ වෙළඳ නාමය යටතේ සහය අනුග්‍රාහකයෙකු ලෙස ඉදිරිපත්ව සිටියි. ‘මබොති’ ආයතය අන්තර් සමාජ එෆ්.ඒ. කුසලාන තරගාවලියේ ද නිල අනුග්‍රාහකයායි.

මෙම තරගාවලියේ ආරම්භයත් සමග මෙතෙක් කෝට්ටේ බැද්දගාන ජාතික පාපන්දු සංවර්ධන මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වූ ජාතික පාපන්දු සංචිතයේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ. ඒ එහි නොවන ක්‍රීඩකයන්ටත් මෙම තරගාවලියට සහභාගිවීමේ  අවස්ථාව උදාකර දෙමිනි.

තරගාවලිය අවසන්වීමෙන් පසුව නැවත සංචිතයේ පුහුණුවීම් පෙර පරිදිම ආරම්භ කරන බව පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පවසයි.  ක්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් සමන්විතව ජාතික පාපන්දු සංචිතය ක්‍රියාත්මක විය.

අගෝස්තු 9 වැනිදා තරග

♦ කළුතර බ්ලූස්ටාර්ස් - මොරගස්මුල්ල ක්‍රී.ස.අතර සුගතදාස පිටියේදී.
♦ නාවලපිටිය ‘අෆ්කන්ට්‍රි ලයන්ස්’ ජාවාලේන් අතර රීඩ් මාවත පිටියේදී.
♦ රිනවුන් නිව්ස්ටාර් අතර සුගතදාස පිටියේදී
♦මාතර සිටි - වෙන්නප්පුව නිව්යංග්ස් අතර රීඩ් මාවත පිටියේදී
අගෝස්තු 10 වැනිදා තරග
♦ යුද හමුදාව - බේරුවල සුපර්සන් අතර සුගතදාස පිටියේදී
♦ බේරුවල රෙඩ් ස්ටාර් - සෝන්ඩර්ස් අතර රීඩ් මාවත පිටියේදී
♦ නාවික හමුදාව – මාවනැල්ල සෙරන්ඩිබ් අතර සුගතදාස පිටියේදී.
♦ රත්නම් - පොලිස් අතර රීඩ් මාවත පිටියේදී

(දෙදිනම පස්වරු 3.30ට හා 6.30ට තරග ආරම්භ කෙරේ.)

 


අදහස් (0)

වැන්ටේජ් කුසලාන පාපන්දු තරග හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.