Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය සමග එක්ව හත්වැනි වරටත් සංවිධානය කරන ‘වලව සුපර්ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මේ මස 17 වැනිදා පෙරවරු 9.00 සිට උඩවලව ජාතික වන උද්‍යනය අසල පිහිටි සෙවනගල යුද හමුදා ධාවන පථයේදී පැවැත්වේ.
ඉසව් 24 කින් සමන්විත වන මෙම තරගාවලියට මෝටර් රථ තරග 12 ක් සහ යතුරුපැදි ඉසව් 12 ක් ඇතුළත්වේ. දිවයිනේ ප්‍රමුඛ පෙළේ මෝටර රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන් සමගින් තරගකරුවන් 200 කට ආසන්න සංඛ්‍යාවක් ඊට සහභාගී වීමට නියමිතය.
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ ඉසව්වේදී වැඩි දස්කම් දක්වන ක්‍රීඩකයා දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙසත්, එම්. එක්ස්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 125 සිට 250 දක්වා) යතුරුපැදි ඉසව්වේදී වැඩි දස්කම් දක්වන ක්‍රීඩකයා දක්ෂතම යතුරුපැදිකරුවා ලෙසත් නම් කෙරෙණු ඇත.
තවද මේ වසරේ සිට ඉදිරියට එස්. එම්. කාණ්ඩයේ සුපර් මෝටාඞ් යතුරුපැදි ඉසව්වේදී වැඩි දස්කම් දක්වන ක්‍රීඩකයා සඳහා ‘ආනන්ද වෙඩිසිංහ අනුස්මරණ කුසලාන’ නමින් කුසලානයක් පිරිනැමීමටද සංවිධායකයෝ සූදානමින් සිටිති.
ඉකුත් වසරේ පැවැති වලව සුපර් ක්‍රොස් තරගාවලියේදී දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස පසිඳු පීරිස්ද, දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ගයාන් සඳරුවන්ද සම්මාන දිනාගත්හ.
තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කෝස්වේ පේන්ට්ස් ආයතනය කටයුතු කරන අතර අතර විශේෂ අනුග්‍රහකයා ලෙස සියැට් ආයතනය කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.