Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලෙජන්ඩ්ස්ලා - සභාපතිගේ පිල 4 වනදා හමුවෙති

ලෙජන්ඩ්ස්ලා - සභාපතිගේ පිල 4 වනදා හමුවෙති

editorial - 2021 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වර්තමාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම අතර සමාජ සත්කාර ක්‍රිකට් තරගයක් ලබන මස 4 වැනිදා පැවැත්විමට දින නියමවී තිබේ. ඒ අනුව මෙම තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර ඇත.

මෙම සමාජ සත්කාරක ක්‍රිකට් තරගය කොවිඩ්-19 අරමුදල සඳහා මුදල් රැස් කිරීමේ අරමුණින් පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරන කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.

වත්මන් විස්සයි-20 ජාතික කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරන අතර ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සඳහා නායකයකු තවම තීරණය කර නොමැත. නමුත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් පසුගියදා අවසන්වූ “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස්”තරගාවලියේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේය
මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම විස්සයි-20 තරගය නැරඹීමට ප්‍රේක්‍ෂකයන් ගෙන්වීමට බලාපොරොත්තු වන අතර ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සමගින් සාකච්ඡා කරන බවද මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.

වත්මන් ජාතික කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම අතර විස්සයි20 ක්‍රිකට් තරගයක් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් කළ යෝජනාවකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙය සංවිධානය කරනු ලැබේ.

-2079

 


අදහස් (0)

ලෙජන්ඩ්ස්ලා - සභාපතිගේ පිල 4 වනදා හමුවෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.