Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලීග් පාපන්දු තරගාවලිය නොවැම්බරයේදී ඇරඹීමට සූදානම්

ලීග් පාපන්දු තරගාවලිය නොවැම්බරයේදී ඇරඹීමට සූදානම්

නාමල් පතිරගේ - 2020 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලබන නොවැම්බර් මාසයේ කොළඹදී පැවැත්වීමට අපේක්‍ෂිත ශ්‍රී ලංකා ලීග් පාපන්දු තරගාවලිය සඳහා ක්‍රීඩා සමාජ 10 ක් නිර්දේශ කර තිබේ. මෙම තරගාවලියේ විශේෂත්වය වන්නේ එය මෙරටදී සංවිධානය කෙරෙන පළමු වෘත්තීය මට්ටමේ පාපන්දු තරගාවලිය වීමයි.

මෙම තරගාවලිය සඳහා පළමු වසර දෙකේදී පමණක් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ඇමරිකානු ඩොලර් ලක්‍ෂ පහක මුදලක් අනුමත කර තිබේ. එතැන් සිට ඊට අනුග්‍රාහකයන් සොයා ගනිමින් බරපැන දැරීමේ වගකීම පැවරෙන්නේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයටයි.

ශ්‍රී ලංකාවේ නමගිය පාපන්දු ක්‍රීඩා සමාජ 10 ක් එහි පළමු තරගාවලිය සඳහා නිර්දේෂ කර තිබේ. ඒ ලෝක පාපන්දු සමුළුවේ උපදෙස් හා කොන්දේසි කීපයක් මතය.

තරගාවලියට නිර්දේෂිත ක්‍රීඩා සමාජ පළමුව එය ආයතනයක් හෝ සමාගමක් ලෙස ලියාපදිංචි කළ යුතුය. වාර්ෂික නිත්‍ය සැලැස්මක් හා මුල්‍ය වත්කම් තහවුරු කරමින් පවත්වාගෙන යන ක්‍රීඩා සමාජයක් විය යුතුය. ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෝක පාපන්දු සමුළුව අනුමත බලපත්‍රලාභියෙකු විය යුතුය. සෙසු කොන්දේසි අතර ක්‍රීඩා සමාජය සිය ජ්‍යෙෂ්ඨ පාපන්දු කණ්ඩායම හැරෙන්නට යොවුන් (කනිෂ්ඨ) පාපන්දු කණ්ඩායමක් ද නිත්‍ය ලෙස පවත්වා ගෙන යා යුතුය.

තරගාවලිය උපරිම වශයෙන් මාස හයක් පමණ වන කාලයක් දක්වා පවත්වාගෙන යාමට මූලික සැලසුම් පිළියෙල කර තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවසුවේ තරගාවලියට නිර්දේශිත සියලු කණ්ඩායම්වල ක්‍රීඩකයන්, පුහුණුකරුවන් ඇතුළු අනෙකුත් ප්‍රධාන තනතුරු සඳහා ඉහළ ගෙවීම් ලබා දෙන බවයි. ශ්‍රී ලංකා ලීග් පාපන්දු තරගාවලිය පසුගිය මාර්තු මාසයේදී ඇරඹීම සඳහා අන්තර්ජාතික පාපන්දු සමුළුව අනුමැතිය ලබා දුන් නමුදු රට තුළ උද්ගතවූ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එය කල් දැමීමට හේතු විය.

“නොවැම්බර් මාසයේදී තරගාවලිය ආරම්භ කිරීමට අප සූදානමින් ඉන්නවා. කොවිඩ් වසංගත තත්ත්වය රට තුළින් මුළුමණින් තුරන් වූ බවට මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශවී නැති හින්දා අපට මෙහි ආරම්භක දිනය තවමත් නිල වශයෙන් කියන්න පුළුවන්කමක් නෑ.” යයි ද පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

පාපන්දු සම්මේලනය අපේක්‍ෂා කරන්නේ මුල් වසර දෙකේදී මෙම ක්‍රීඩා සමාජ 10 පමණක් තරගාවලියට සහභාගි කර ගැනීමයි. අනතුරුව ක්‍රීඩා සමාජ සහභාගිත්වයේ සංශෝධන පිළිබඳව සලකා බැලෙනු ඇත.


ශ්‍රී ලංකා ලීග් පාපන්දු තරගාවලියට නිර්දේෂිත ක්‍රීඩා සමාජ
යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, කොළඹ පාපන්දු සමාජය, රිනවුන්, වෙන්නප්පුව නිව් යංග්ස්, රත්නම්, කළුතර බ්ලූස්ටාර්ස්, නාවලපිටිය අප්කන්ට්‍රි ලයන්ස් හා බේරුවල රෙඩ්ස්ටාර්.


අදහස් (0)

ලීග් පාපන්දු තරගාවලිය නොවැම්බරයේදී ඇරඹීමට සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.