Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ සභාපති ඩේවිඩ් හොජ්කිස් මහතා කොරොනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත්වී තිබේ. මිය යන විට ඔහු 71 වැනි වියේ පසුවිය.
1998 වසරේ සිට වසර 22 ක් පුරා ලැන්ක්‍ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ විධායක කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කළ හොජ්කිස් මහතා, 2017 වසරේදී මයිකල් කෑන්ස් මහතාගෙන් පසුව එම සමාජයේ සභාපති ධූරයට පත් විය. සභාපති ධූරයට පත්වීමට පෙර ඔහු ලැන්කෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ භාණ්ඩාගාරිකවරයා ලෙසත්, උප සභභාපතිවරයා ලෙසත් කටයුතු කර තිබිණ.
හොඩ්ජ්කිස් මහතා අවසන් හුස්ම හෙළුෑ බව ඔහුගේ පවුලේ සාමාජිකයන් තහවුරු කළ බවත්, කොරෝනා වයිරසය ආසාදනය වීමට පෙර ඔහුට තවත් සෞඛ්‍ය ගැටලු කිහිපයක් තිබූ බවත් ලැන්කෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
හොජ්කිස් මහතා තනතුරු කිහිපයක්ම හොබවමින් වසර ගණනාවක් පුරා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටුකළ බවත්, ලැන්කෂයර් ප්‍රාන්තයේ පමණක් නොව මුලු මහත් ක්‍රිකට් ලොව පුරා සෑම දෙනාගේම ආදරය සහ ගෞරවය දිනාගැනීමට ඔහු සමත් වූ බවත් එම නිවේදනයේ සඳහන් විය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.