Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජකීයයෝ කඩුලු 7 ක ජයක් ලබති

රාජකීයයෝ කඩුලු 7 ක ජයක් ලබති

editorial - 2019 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කැලණිය ගුරුකුල විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට රාජකීය විදුහල සමත් විය.

එහිදී රාජකීය විදුහලේ ප්‍රශාන් කල්හාර ලකුණු 25 කට කඩුලු 3 ක් දවගත් අතර ගුරුකුල විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් සොනාල් අමරසේකර සහ තරුෂ රුක්ෂාන් කඩුලු 2 බැගින් දවාගත්හ.


ගුරුකුල විදුහල - ඕවර 32.2 කදී සියලු දෙනා දැවී 89
(සිතිජ චමෝද් 40, ප්‍රශාන් කල්හාර 25/3, සොනාල් අමරසේකර 13/2, තරුෂ රුක්ෂාන් 15/2)

රාජකීය විදුහල - ඕවර 15.4 කදී කඩුලු 3 ක් දැවී 90
(ඉසිවර දිසානායක 24)


-036

 


අදහස් (0)

රාජකීයයෝ කඩුලු 7 ක ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.