Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රන් පදක්කම් 40 දිනූ ශ්‍රී ලංකාව තෙවැනි තැනට

රන් පදක්කම් 40 දිනූ ශ්‍රී ලංකාව තෙවැනි තැනට

editorial - 2019 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේ කත්මණ්ඩු සහ පොකාරා යන නරගවලදී පැවැති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 40 ක්, රිදී පදක්කම් 83 ක් සහ ලෝකඩ පදක්කම් 128 ක් සමගින් පදක්කම් 251 ක් දිනූ ශ්‍රී ලංකාව එහි තෙවැනි ස්ථානයට පත් විය. 
 
ඊයේ දිනය (9 වැනිදා) අවසානයේ රන් පදක්කම් 39 ක්, රිදී පදක්කම් 79 ක් සහ ලෝකඩ පදක්කම් 118 ක් දිනා සිටි ශ්‍රී ලංකාව තරගාවලියේ අවසන් දිනය වූ අද (10 වැනිදා) දිනයේදී සිය පදක්කම් ගොන්නට තවත් රන් පදක්කමක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 10 ක් එක්කර ගත්තේය. 
 
රන් පදක්කම් 174 ක්, රිදී පදක්කම් 93 ක් සහ ලෝකඩ පදක්කම් 45 ක් සමග පදක්කම් 312 ක් දිනාගත් ඉන්දියාව මෙවර ක්‍රීඩා උළෙලේ ශූරයන් බවට පත් වූ අතර සත්කාරක නේපාලය රන් පදක්කම් 51 ක්, රිදී පදක්කම් 60 ක් සහ ලෝකඩ පදක්කම් 95 ක් සමග පදක්කම් 206 ක් දිනාගනිම්න් අනු ශූරතාවට හිමිකම් කීවේය. 
 
රන් පදක්කම් 31 ක්, රිදී පදක්කම් 41 ක් සහ ලෝකඩ පදක්කම් 59 ක් සමග පදක්කම් 131 ක් දිනූ පාකිස්තානය තරගාවලියේ සිවුවැනි ස්ථානයටද, රන් පදක්කම් 19 ක්, රිදී පදක්කම් 32 ක් සහ ලෝකඩ පදක්කම් 87 ක් සමග පදක්කම් 138 ක් දිනූ බංග්ලාදේශය එහි පස්වැනි ස්ථානයටද පත් විය. 
 
 
රට        රන්  රිදී  ලෝකඩ එකතුව
ඉන්දියාව 174 93 45 312
නේපාලය 51 60 95 206
ශ්‍රී ලංකාව  40 83 128 251
පාකිස්තානය 31 41 59 131
බංග්ලාදේශය 19 32 87 138
මාලදිවයින 1 0 4 5
භූතානය 0 7 13 20

 

-036


අදහස් (0)

රන් පදක්කම් 40 දිනූ ශ්‍රී ලංකාව තෙවැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.