Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රන්දිව් - චින්තක රියැදුරු වෘත්තියට

රන්දිව් - චින්තක රියැදුරු වෘත්තියට

editorial - 2021 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකව අනුශූරයන් බවට පත්වූ 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට ක්‍රීඩා කළ සුරාජ් රන්දිව් සිය රැකියාව වශයෙන් ඕස්ටේ්‍රලියාවේ බස් සමාගමක රියැදුරු වශයෙන් සේවය කිරීම තෝරාගෙන තිබේ. රන්දිව් සමගින් තවත් ශ්‍රී ලංකා වර්ණ සහිත ක්‍රීඩකයකු වන චින්තක ජයසිංහ සහ සිම්බාබ්වේ ජාතික වැඩිංග්ටන් ම්වායෙන්ගාද මෙම රැකියාව තෝරාගෙන තිබේ.

මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ සමයේදීම ක්‍රීඩා කිරීමට සිදුවූ හෙයින් රන්දිව්ට ක්‍රීඩාකළ හැකිවූයේ ටෙස්ට් තරග 12 කදී පමණි. ඒවායේදී කඩුලු 43 ක් දවාගත් රන්දිව්, පිත්තෙන් ලකුණු 147 ක් ලබාගෙන තිබේ. ඔහු එක්දින තරග 31 කදී කඩුලු 36 ක් දවාගෙන තිබේ. විස්සයි-20 තරග 7 කට කට ක්‍රීඩා කළ මෙම පිට දඟ පන්දු යවන්නා විසින් දවාගන්නා ලද කඩුලු සංඛ්‍යාව 7 කි. ඔහු වරක් අයි.පී.එල්. තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් පිලද නියෝජනය කළේය.

දඟ පන්දු යවන්නකු වූ නමුත් රන්දිව් වැඩි දස්කම් පෙන්වූයේ වඩාත් දක්‍ෂ පන්දු රකින්නෙකු ලෙසිනි. එහෙත් රන්දිව් ගැන විශාල කතාබහක් නිර්මාණය වූයේ වරක් ඔහු ඉන්දීය ආරම්භක පිතිකරුවාව සිටි විරෙන්දර් සෙවැග් වෙත හිතාමතාම යැවූ නිපන්දුවක් හේතුවෙනි.

වසර 10 කට පමණ ඉහත, දඹුල්ලේදී පැවැති එම තරගයේදී සෙවැග් ලකුණු 99 ක් ලබා සිටියදී, තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලබාගැනීමට තිබුණේද එක ලකුණකි. එම අවස්ථාවේදී පන්දුවට පහර දෙමින් සිටි සෙවැග් වෙත නිපන්දුවක් යැවූ රන්දිව්ට ඉන්දියාවේ ජයග්‍රහණය වළක්වාගත නොහැකි වූ නමුත් සෙවැග්ට ශතකය අහිමි කිරීමට හැකිවිය.

රියැදුරු තනතුර ඕස්ටේ්‍රලියාවේදී සිය ජීවිකා වෘත්තිය ලෙසින් තෝරා ගත් නමුත් රන්දිව් ඕස්ටේ්‍රලියාවේ ප්‍රාදේශීය ක්‍රිකට් තරග වලටද සහභාගි වෙයි. රන්දිව් සේවය කරන ට්‍රාන්ස්දේව් සමාගමේ රියැදුරන් 1200 දෙනා අතර නමගිය ක්‍රිකට් ක්‍රීඩකයෝ තිදෙනෙක් සිටිති. ඔවුන්ගේ බලාපොරොත්තුව ට්‍රාන්ස්දේව් සමාගම තමන්ගේම ක්‍රිකට් කණ්ඩායමක් ආරම්භ කරනු දැකීමයි.

මෙල්බර්න් නුවර වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රිමියර් ලීග් තරගාවලියට තරග වදින ඩැන්ඩිනොංග් ක්‍රිකට් සමාජය වෙනුවෙන්ද රන්දිව් ක්‍රීඩා කරයි. ඩැන්ඩිනොං යනු මෙල්බර්න් නුවරට කිලෝ මීටර 50 ක් පමණ දුරින් පිහිටි, ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් පදිංචි වී සිටින ප්‍රදේශයකි.


- 213


අදහස් (0)

රන්දිව් - චින්තක රියැදුරු වෘත්තියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.