Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රත්නපුර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ක්‍රිකට් ආයතනයෙන් කෝටි 40 ක්

රත්නපුර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ක්‍රිකට් ආයතනයෙන් කෝටි 40 ක්

editorial - 2021 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රත්නපුර, මුද්දුව, මොණරවිල ප්‍රදේශයේ ජාත්‍යන්තර මට්ටමේ අංග සම්පුර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා වසර වසර තුනකට ඉහතදී  වැඩ කටයුතු ආරම්භ කරන ලද නමුත් තවමත් එහි අවසානයක් නැත. මෙම ක්‍රීඩාංගණයේ ඉදි කිරීම් පිළිබඳව සොයා බැලීම සදහා කංචන ජයරත්න මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා සහ ක්‍රිකට් ආයතනයේ නිලධාරීහු පසුගිය දා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

මෙහි ඉදිකිරීම් නියමිත ප්‍රමිතියට අනුව, කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා නිලධාරින්ට සහ අදාළ කොන්ත්‍රාත් සමාගමට උපදෙස් දුන්නේය.

ක්‍රීඩාංගණයේ පළමු අදියර ලෙස රුපියල් මිලියන 40 ක වියදමින් ක්‍රීඩාංගණය හා තණ තීරුවත්, දෙපස කාණු සහ ජලාපවහන පද්ධතියත් ඉදි කිරීමට නියමිතය. මේ වර්ෂයේ අප්‍රේල් මාසය වන විට පළමු අදියරේ වැඩ අවසන් කර ක්‍රීඩා තරඟ පැවැත්වීම සඳහා සුදුසු  තත්ත්වයකට ක්‍රීඩාංගණය පත්කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අපේක්ෂාවයි.

දෙවන අදියර සඳහා ප්‍රේක්ෂකාගාර, පුහුණු තණතීරු මෙන්ම ක්‍රිකට් පුහුණු පාසලක් ඉදි කිරීමට නියමිතය.  ඒ සඳහා රුපියල් මිලියන 350 ක් වැය කිරීමට නියමිතය. මෙම සියලු ඉදි කිරීම්  සඳහා මුල්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ලබා දී ඇත. ඒ අනුව ක්‍රීඩාංගණයේ සම්පූර්ණ වියදම රුපියල් මිලියන 400 ක් හෙවත් කෝටි 40 කට ආසන්න මුදලකි.

මෙම ක්‍රීඩාංගණයේ තත්ත්වය සොයා බැලීමේ චාරිකාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  කමිටු සංවර්ධන සභාපති කමල් ධර්මසිරි, ජාතික කාන්තා ක්‍රිකට් සංවර්ධන සහ මෙහෙයුම් උපදේශක මනෝජ් කාරියප්පෙරුම, රත්නපුර ක්‍රිකට් සංගමයේ සභාපති ගිහාන් වීරසිංහ සහ ලේකම් එරංග ප්‍රසාද් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


අදහස් (0)

රත්නපුර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ක්‍රිකට් ආයතනයෙන් කෝටි 40 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.