Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලසිත ගුණරත්න මහතා විසින් ‘ඩයලොග්’ ආසියාටා සමූහයේ ප්‍රධාන අළෙවි නිලධාරිණී අමලි නානායක්කාර මහත්මියට සමරු තිළිණය ප්‍රදාන කරන ලද අවස්ථාව. ‘ඩයලොග්’ ආසියාටා ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා ද මෙහි සිටියි.
ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ධූරයෙන් සමුගන්නා එහි හිටපු සභාපති ලසිත ගුණරත්න මහතා විසින් ‘ඩයලොග්’ ආසියාටා සමාගමට ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට කළ සේවය අගයමින් සමරු තිළිණයක් පසුගියදා ප්‍රදානය කරන ලදී.
‘ඩයලොග්’ සමාගම 2012 වසරේ සිට ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිල අනුග්‍රහකයා ලෙස කටයුතු කරයි.
“ඩයලොග් සමාගම සමඟ 2012 වසරේ පළමු අනුග්‍රහය ලබාගන්නා විට මම උප සභාපතිවරයා ලෙසයි කටයුතු කළේය. එතැන් සිට කාලයේ ඩයලොග් සමගාම ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව වෙනුවෙන් මිල කළ නොහැකි මෙහෙවරක් කළා” යැයි ලසිත මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.