Last Update  :  2024-03-29 19:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රග්බි සංචිත තුනම අත්හිටුවයි

රග්බි සංචිත තුනම අත්හිටුවයි

යොහාන් භාසුර - 2020 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව ඉදිරියේදී සහභාගි වීමට නියමිත ජාත්‍යන්තර රග්බි තරගාවලි ඉලක්ක කරමින් නම් කළ ජාතික රග්බි සංචිත තුන අත්හිටුවීමට ශ්‍රී ලංකා රග්බි සංගමය තීරණය කර තිබේ. පිරිමි පූර්ණ කණ්ඩායම්, සත් සාමාජික යන සංචිත සහ කාන්තා සංචිතය ද අතහැර දමා තිබේ.

‘කෝවිඞ් 19’ වසංගත අවදානම හේතුවෙන් මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර රග්බි තරගාවලි අත්හිටුවීමෙන් ශ්‍රී ලංකාවට ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා ජාත්‍යන්තර රග්බි තරග වලට සහභාගිවීමේ අවස්ථාවක් නොමැති වීම මෙම තත්ත්වයට හේතූ වී තිබේ. ජාත්‍යන්තර තරගාවලි නොමැතිව ජාතික සංචිතවල පුහුණුවීම් ක්‍රියාත්මක කිරීම පළ රහිත බවට ශ්‍රී ලංකා රග්බි සංගමය තීරණය කර තිබේ.  

ජාතික රග්බි තේරීම් කමිටුව මීට මාස දෙකකට පමණ පෙර නම් කළ මෙම සංචිත මේ දක්වා කැඳවා නොමැත.    

‘ඩයලොග්’ ලීග් තරගාවලිය පදනම් කරගෙන නම් කර තිබූ පූර්ණ කණ්ඩායමේ (15 සාමාජික) සංචිතයට ක්‍රීඩකයෝ 49 ක් ද, සත් සාමාජික සංචිතයට ක්‍රීඩකයෝ 28 ක් ද ඇතුළත්ව සිටියහ. කාන්තා රග්බි සංචිතයට ක්‍රීඩිකාවෝ 23 දෙනෙක් ඇතුළත් වූහ.


අදහස් (0)

රග්බි සංචිත තුනම අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.