Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යාපනය ස්ටැලියන්ස් සම හිමිකරු රාහුල් සූඩ්

යාපනය ස්ටැලියන්ස් සම හිමිකරු රාහුල් සූඩ්

editorial - 2020 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමේ සම හිමිකාරිත්වය තාක්ෂණික ව්‍යවසායකයෙකු සහ මයික්‍රොසොෆ්ට් වෙන්චර්ස් හි නිර්මාතෘ වන රාහුල් සූඞ් මහතා විසින් හිමිකරගෙන තිබේ. ලොව පුරා යාපනය ස්ටැලියන්ස් හි සන්නාම ප්‍රචලිත කිරීමට සහ සංවර්ධනයට සහාය වීම සඳහා සූඞ් මහතා මේ සඳහා ඉදිරිපත් වී සිටී.

මයික්‍රොසොෆ්ට් වෙන්චර්ස් සමාගමේ නිර්මාතෘ රාහුල් සූඞ් මහතා සම හිමිකරුවෙකු ලෙස පිළිගැනීමට ලැබීම සතුටට කරුණකි. ඔහු අපගේ වෙළඳ නාමය තවදුරටත් වැඩිදියුණු කර අපගේ ජාත්‍යන්තර පැවැත්ම වැඩි දියුණු කරනු ඇතැයි යාපනය ස්ටැලියන්ස් හි ප්‍රධාන උපාය මාර්ග නිලධාරී ආනන්දන් ආර්නෝල්ඞ් මහතා පැවසීය.

විනෝදාස්වාදය සපයන සමාගමක් වන යුනිකර්න් හි සම නිර්මාතෘවරයා වන්නේද සූඞ් මහතාය.

“ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියතාවය අති විශාලයි. අයි.පී.එල් හි දැවැන්ත ගෝලීය රසික පිරිසක් සිටින බව අපි කවුරුත් දන්නා කරුණක්. ක්‍රිකට් යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව වන අතර එල්.පී.එල්. තරගාවලිය දශක කිහිපයකින් මෙපිට ශ්‍රී ලංකා ක්‍රීඩාවේ විශාලතම ඉදිරි පියවරක් වනු ඇති බව රාහුල් සූඞ් මහතා පැවසීය.

සූඞ් මහතා මයික්‍රොසොෆ්ට් සමාගමට එක්වීමට පෙර වසර 18 ක් ව්‍යාපාර කිහිපයක් ආරම්භ කිරීමට දායක විය.

ඔහු සුඛෝපභෝගී හා ක්‍රීඩා පරිගණක නිෂ්පාදක සමාගමක්වූ වූඩූ-පී.සී ආරම්භ කළ අතර එය හෙව්ලෙට් පැකාර්ඞ් (එච්.පී) සමාගම විසින් අත්පත් කර ගන්නා ලදී. මෑතදී ඇපල් සමාගම විසින් අත්පත් කරගතන්නා ලද මේන්ජියර්, රේසර්, සිඩ් හි මුල් කොටස් හිමියෙකු සහ උපදේශකයෙකු ලෙස සූඞ් මහතා කටයුතු කර ඇත.


- 2079

 


අදහස් (0)

යාපනය ස්ටැලියන්ස් සම හිමිකරු රාහුල් සූඩ්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.