Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යාපනය ස්ටැලියන්ස් ලාංඡනය වෙනස් කරයි

යාපනය ස්ටැලියන්ස් ලාංඡනය වෙනස් කරයි

editorial - 2020 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමේ කළමණාකාරිත්වය විසින් ඔවුන්ගේ නිල ලාංඡනයේ වෙනස්කම් කිහිපයක් සිදුකර ඇත. තාක්ෂණික ව්‍යවසායකයෙකු සහ මයික්‍රොසොෆ්ට් වෙන්චර්ස් හි නිර්මාතෘ වන රාහුල් සූද් මහතා යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමේ සම හිමිකරුවෙකු ලෙස එක්වීමෙන් පසුව මෙලෙස නව ලාංඡනයක් එළි දැක්වීමට පියවර ගෙන ඇත.

නව සන්නාම අන්‍යතාවයක් නිර්මාණය කිරීම සදහා ඔහු අලෙවිකරණ කණ්ඩායම සමග සමීපව කටයුතු කරන බව යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වූයේය. යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමේ සම හිමිකරුවන් ලෙස රාහුල් සූද් සහ බි්‍රන්ඩන් බාගිරාතන් මහත්වරු කටයුතු කරති. කණ්ඩායමේ නායකයා ලෙස තිසර පෙරේරා කටයුතු කරනු ලබන්නේය.

තිළිණ කණ්ඩම්බි (ප්‍රධාන පුහුණුකරු), හේමන්ග් බදානි (සහය පුහුණුකරු), මාරියෝ වෙල්ලවරායන් (අභ්‍යාසක සහ වේගපන්දු පුහුණුකරු), සචිත් පතිරණ (දඟපන්දු පුහුණුකරු) සහ විමුක්ති දේශප්‍රිය (පන්දු රැකීමේ පුහුණුකරු) යන මහත්වරුන් යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයට අයත්වේ.


-2079


අදහස් (0)

යාපනය ස්ටැලියන්ස් ලාංඡනය වෙනස් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.