Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩයලොග් - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වීමට ලැබීම විශාල ගෞරවයක් සහ සිය ක්‍රිකට් දිවියට මහත් ආලෝකයක් වූයේ යැයි 2018 වසරේ එම සම්මානය දිනාගත් කමිදු මෙන්ඩිස් පවසයි. පසුගිය වසරේදී මෙම සම්මානය දිනාගත් මෙන්ඩිස් වසරක් ගතවීමටත් මත්තෙන් අන්තර්ජාතික තරග බිමට පිවිසියේය.
දෑතින්ම පන්දු යැවීමේ සුවිශේෂී හැකියාවකට හිමිකම් කියන කමිදු මෙන්ඩිස් ඩයලොග් 4ජී - සන්ඬේ ටයිම්ස් සම්මානය දිනාගනිද්දී ශ්‍රී ලංකා 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ද විය. ජාතික යොවුන් කණ්ඩායම සමග එක්ව පෙන්වන ලද හැකියාවන් නිසා ඔහුට එම සම්මානය හිමිවිය. මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 මෙන්ම එක්දින හිස්වැස්මද දිනාගෙන සිටින කමිඳු ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකි.
“මේ සම්මානය ලැබීම මට විශාල ගෞරවයක්. ඒ වගේම එය මගේ ක්‍රිකට් අනාගතයට විශාල ආලෝකයක් වගේම සවිමත් පදනමක් වුණා” 2018 වසරේදී ඩයලොග් 4ජී - සන්ඩේ ටයිම්ස් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වීමේ කීර්තිමත් අවස්ථාව සිහිපත් කරමින් මෙන්ඩිස් පැවැසීය.
- 055
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.