Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මිස්බා තේරීම් කමිටුව අතහරී

මිස්බා තේරීම් කමිටුව අතහරී

editorial - 2020 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානු කණ්ඩායමේ පුහුණුකරු සහ තේරීම් කමිටු ප්‍රධානී ලෙස කටයුතු කළ මිස්බා උල් හක් මහතා තේරීම් කමිටු ප්‍රධානී තනතුරෙන් ඉවත් වී තිබේ. පුහුණු කටයුතු සඳහා පමණක් වැඩි අවධානය යොමු කිරීම අවශ්‍ය යයි කියමින් ඔහු තේරීම් කමිටු සභාපති තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.

පාකිස්තාන කණ්ඩායමේ හිටපු නායකයකු වන මිස්බා පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පාකිස්තානය වෙනුවෙන් පුහුණුකරු සහ තේරීම් කමිටු ප්‍රධානී යන ද්විත්ව භූමිකා භාර ගත්තේය. හිටපු පුහුණුකරු මිකී ආතර් මහතා යටතේ පාකිස්තාන කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් විය.

එයින් මාස කිහිපයකට පසුව මිස්බා උල් හක් වසර තුනක ධූර කාලයක් සඳහා පුහුණුකරු ලෙස පත් කරන ලදී.

වගකීම් දෙකම ඉටුකිරීමේදී තමාට දැඩි පීඩනයක් දැනී ඇති බව මිස්බා උල් හක් කියයි. ඔහුගේ මෙම තීරණයත් සමගින් පසුගිය ජූලි මාසයේදී අනුමත කරන ලද පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ නව ආචාර ධර්ම පද්ධතියට ද බලපෑම් ඇති විය හැකිය.

“මම ද්විත්ව භූමිකාවන් හොඳින් භුක්ති වින්දා. නමුත් පසුගිය මාස 12 ක කාලය සමාලෝචනය කිරීමෙන් පසු සහ මගේ ධූර කාලයේ ඉදිරි මාස 24 තුළ කිරීමට ඇති වැඩ කොටස දෙස බලා සිටීමෙන් පසුව, මගේ කාලය, ශක්තිය සහ අවධානය එක් භූමිකාවක් සඳහා ආයෝජනය කිරීම හා කැප කිරීම සුදුසුයි” යැයි මිස්බා උල් හක් පවසා ඇත.

දෙසැම්බර් 1 වන දින නව තේරීම් කමිටු ප්‍රධානියා විසින් වගකීම් භාර ගන්නා බවත් ඒ වනතෙක් මිස්බා මහතා එම කාර්යභාරය දිගටම කරගෙන යන බවත් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මිස්බා මහතාගේ පුහුණු කාලය තුළ මිශ්‍ර ප්‍රතිඵල ලබා ඇති පාකිස්තාන කණ්ඩායම මේ වනවිට තරග 19 න් 7 ක් ජයග්‍රහණය කර 9 ක් පරාජයට පත්විය. වඩාත්ම පුදුම සහගත ප්‍රතිඵලය වූයේ ඔහු පාකිස්තානයේදී පැවැති විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකාව හමුවේ 3-0 ලෙස පරාජයට පත්වීමයි. එසේ වුවත් ඔවුන් මෑතකදී සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති අතර එංගලන්ත පිලට එරෙහිව විස්සයි20 තරගාවලිය 1-1ක් ලෙස සමකර ගෙන ඇත.

ඔවුන් එම සංචාරයේ දී ටෙස්ට් තරගයක් සුළු පරතරයකින් පරාජයට පත් වූ අතර අනෙක් තරඟ දෙක ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ටෙස්ට්, එක්දින සහ විස්සයි20 යන අංශ තුනෙන්ම පාකිස්තාන කණ්ඩායම ඉහළම ස්ථානයට ගෙන ඒමට අවශ්‍ය පදනම ගොඩනැගීම මිස්බා මහතාගේ අරමුණු වී ඇත.

“කණ්ඩායම ඉදිරියට යන ආකාරය ගැන මම සෑහීමකට පත්වෙනවා. ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් ස්ථාවර තත්වයට පැමිණෙමින් සිටිනවා. සෑම අංශයකින්ම පාකිස්තානය පළමු තිදෙනා අතරට ගෙන ඒමට අවශ්‍ය මග පෙන්වීම මගේ අරමුණයි” යැයි මිස්බා මහතා පැවසීය.

- 2079

 


අදහස් (0)

මිස්බා තේරීම් කමිටුව අතහරී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.