Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය ශ්‍රී ලංකාවේ සංචාරයක

මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය ශ්‍රී ලංකාවේ සංචාරයක

යොහාන් භාසුර - 2019 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා සභාපති ධූරය හොබවන එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජ (එම්.සී.සී.) නිලධාරී මණ්ඩලය සහ එම ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ මාර්තු මස ශ්‍රී ලංකාවේ සංචාරයකට සහභාගි වීමට නියමිතය.

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් පැරණිම සහ කීර්තිමත් ක්‍රීඩා සමාජය ලෙස සැළකෙන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ වසර 180 කට වැඩි ඉතිහාසයේ ඉංග්‍රිසි ජාතිකයකු නොවන පළමු සභාපතිවරයා ලෙස කුමාර් සංගක්කාර මහතා මේ මස 01 වැනිදා වැඩ භාරගත්තේය. ක්‍රිකට් ක්‍රීඩාවේ ‘මහ ගෙදර’ ලෙස සැළකෙන ලන්ඩන් නුවර ලෝඞ්ස් ක්‍රීඩාංගණය මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ක්‍රීඩාංගණය වේ.  

කුමාර් සංගක්කාර මහතාව ඇගයීමක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයට මෙම සංචාරය සඳහා ආරාධනා කර තිබේ.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම තරගාවලියක් සඳහා ලබන වසරේ මාර්තු මස ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත අතර එම සංචාරයට සමගාමීව මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සංචාරය ද සැළසුම්කර තිබේ.
එහිදී මාර්ලිබෝන් ක්‍රිකට් සමාජ පිල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිල අතර තරගයක් ද පැවැත්වීමට නියමිතය.      

 


අදහස් (0)

මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය ශ්‍රී ලංකාවේ සංචාරයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.