Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ මුල්ම සභාපතිනිය කෝනර්

මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ මුල්ම සභාපතිනිය කෝනර්

editorial - 2020 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 233 ක ඉතිහාසයක් සහිත එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ පළමු සභාපතිනිය වශයෙන් එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක් වන ක්ලෙයාර් කෝනර් මහත්මිය පත්වීමට නියමිතය. මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ වත්මන් සභාපති කුමාර් සංගක්කාර මහතා පසුගිය බදාදා (24) පැවති වාර්ෂික මහා සභා රැස්වීමකදී ශ්‍රී ලංකාවේ සිට වීඩියෝ සම්බන්ධතාවක් ඔස්සේ මගින් කොනර් මහත්මිය සභාපති ධූරය සඳහා යෝජනා කරන ලදී.

සංගක්කාර මහතා වසර 233 ක ඉතිහාසයක් සහිත එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ පළමු වැනි බි්‍රතාන්‍ය ජාතිකයෙකු නොවන සභාපතිවරයාය. සංගක්කාර මහතාගේ ධූර කාලය මේ වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතව තිබුණද කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් බොහෝ දෙ මඟහැරී ගිය බැවින් ඔහුගේ කාලය ලබන වසරේ සැප්තැම්බර් 30 වැනිදා දක්වා දීර්ඝ කෙරිණ.

දැනට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ කාන්තා ක්‍රිකට් ප්‍රධානී ලෙස කටයුතු කරන කොනර් මහත්මිය එම්.සී.සී. සාමාජිකත්වයේ අනුමැතියට යටත්ව 2021 ඔක්තෝබර් 1 වන දින සිය නව තනතුර භාර ගැනීමට සූදානම් වන්නීය.

ලෝඞ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය හිමි මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය කාන්තාවන්ට සාමාජිකත්වය ලබා දීමට ඡන්දය ලබා දුන්නේ 1998 දීය. බි්‍රතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිනද ලෝඞ්ස්හි ක්‍රීඩා මණ්ඩපයට යෑමට අවසර ලැබූ  කාන්තාවන් කිහිප දෙනාගෙන් කෙනෙකි.
“මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ මීළඟ සභාපති ලෙස නම් කිරීම මට මහත් ගෞරවයක්” යැයි කොනර් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය.

“ක්‍රිකට් ක්‍රීඩාව දැනටමත් මගේ ජීවිතය ඉතා සාරවත් කර තිබෙනවා. දැන් එය මට මේ අපූරු වරප්‍රසාදය ලබා දුන්නා....”
“අපි කොතරම් දුරක් පැමිණ ඇත්දැයි බැලීමට අපි බොහෝ විට ආපසු හැරී බැලිය යුතුයි. මම ලෝඞ්ස් වෙත පළමුවෙන් ගියේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇබ්බැහි වූ නව හැවිරිදි දැරියක ලෙසයි. ඒ ලෝඞ්ස්හි ක්‍රීඩා මණ්ඩපයට කාන්තාවන් පිළිගැනීමට ලක් නොවූ අවධියකදී....එහෙත් දැන් මට මෙම සුවිශේෂී අවස්ථාව භාර දී තිබෙනවා”

ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම බලගතු ක්‍රීඩා සමාජය වන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයට වඩාත් නවීන හා සියල්ල ඇතුළත් අනාගතයක් තුළ සමෘද්ධිමත් වීමට හා වර්ධනය වීමට උපකාර කිරීමට දායක වීමේ අවස්ථාව ලැබී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ කාන්තා ක්‍රිකට් කමිටුවේ සභාපතිනිය වන 43 හැවිරිදි කොනර් මහත්මිය පැවසුවාය.

කෝනර් මහත්මියගේ පත්වීම ගැන තමා සතුටට පත්වන බව සංගක්කාර මහතා පැවසීය.

“ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය ආකර්ෂණය සඳහා මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයට වැදගත් කාර්යභාරයක් පැවරී ඇති තියෙනවා. ඇයගේ බලපෑමත් සමඟ ඇය මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනු ඇතැයි මට විශ්වාසයි” යයිද සංගක්කාර මහතා පැවසීය.
ක්‍රිකට් ක්‍රීඩිකාවකව සිටියදී වමතින් දඟ පන්දු යැවූ කොනර් 1995 දී වයස අවුරුදු 19 ක් වනවිට එංගලන්තය වෙනුවෙන් එක්දින වරම් දිනාගත්තාය. විශ්‍රාම යාමට වසර 6 කට පෙර, එනම් 2000 දී සිය රටේ නායකත්වයට පත්වූවාය.

මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය තවදුරටත් ඉංග්‍රීසි ජාතිකයන් වෙනුවෙන්ම පමණක් කටයුතු නොකරන නමුත් ක්‍රීඩාවේ නීති රීති සම්බන්ධයෙන් ලොව පුරා වගකීමක් ඔවුන්ට ඇත.


 - 2079

 


අදහස් (0)

මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ මුල්ම සභාපතිනිය කෝනර්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.