Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහනුවර කස්ටම්ස් - වරාය අධිකාරියට ඉනිමක ජයක්

මහනුවර කස්ටම්ස් - වරාය අධිකාරියට ඉනිමක ජයක්

රොෂාන් ගුණරත්න - 2020 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණිය යටතේ පැවැති තෙවැනි සතියේ තරග අද (14 වැනිදා) අවසන්වූ අතර එහිදී මහනුවර කස්ටම්ස් සහ වරාය අධිකාරිය කණ්ඩායම් ඉනිමක ජයක් හිමිකර ගැනීමට සමත්විය.

කළුතර නාගරික පිලට එරෙහිව ඉනිම සහ ලකුණු 24 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර කස්ටම්ස් පිල සමත්වූ අතර ගුවන් හමුදා පිලට එරෙහිව වරාය අධිකාරිය පිල ඉනිමක සහ ලකුණු 219 ක ජයක් හිමිකර ගැනීමට සමත්විය.

තවත් තරග 3 ක් අද අවසන්වූ අතර එහිදී කුරුණෑගල යොවුන් පිලට එරෙහිව නුගේගොඩ පිලත්, නාවික හමුදා පිලට එරෙහිව සෙබස්තිනයිට්ස් පිලත්, පානදුර පිලට එරෙහිව ගාල්ල පිලත් පළමු ඉනිමේ ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත්විය.

මෙම සති අන්තයේදී පැවැති තරග වලදී අකිල් ඉන්හාම් (මහනුවර කස්ටම්ස්), හස්නෙයින් බොඛාරී (වරාය අධිකාරිය), පැතුම් මදුශංක (නුගේගොඩ) ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

නාවික හමුදා පිලට එරෙහිව පළමු ඉනිමේදී කඩුලු 6 ක් සහ දෙවැනි ඉනිමේදී කඩුලු 5 ක් සමගින් තරගය පුරා කඩුලු 11 ක් දවාගනිමින් නවීන් ගුණවර්ධන (සෙබස්තිනයිට්ස්) පන්දුවෙන් දස්කම් දැක්වීය. ඊට අමතරව චානුක දිල්ෂාන් (නුගේගොඩ) කඩුලු 6 ක් ද, රජීව වීරසිංහ (වරාය අධිකාරිය), නිලංක පතිරණ (නාවික හමුදාව) සහ කවික ඩිල්ෂාන් (ගාල්ල) කඩුලු 5 බැගින් දවාගනිමින් මෙම සති අන්තයේදී පන්දුවෙන් දස්කම් දැක්වූහ.

මහනුවර කස්ටම්ස් පිලට ඉනිමක ජයක්

මහනුවර කස්ටම්ස් සහ කළුතර නාගරික කණ්ඩායම් අතර පානදුර නාගරික ක්‍රීඩාංගණයේදී

මහනුවර කස්ටම්ස් පළමු ඉනිම -  කඩුලු 9 ක් දැවී 443
(අකිල් ඉන්හාම් 148, දේව් සිං 79, සසිත් මනුරංග 54, සචිත්‍ර පෙරේරා 57, සම්පත් පෙරේරා නොදැවී 55, ආර්.පුංචිහේවා 78/3, ඉෂාන් අබේසේකර 116/3)

කළුතර නාගරික පළමු ඉනිම -  සියලුදෙනා දැවී 237
(ගේෂාන් විමලධර්ම 39, කෙවින් පිරීස් 66, එරංග රත්නායක 45, හසිත නිර්මාල් 46, සම්පත් පෙරේරා 44/3, මෙතුෂාන් තිලිණ 44/2, සචිත්‍ර පෙරේරා 54/2, චිරාග් කුරානා 64/2)

කළුතර නාගරික දෙවැනි ඉනිම -  සියලුදෙනා දැවී 182
(හෂාන් චාමර 38, හසිත නිර්මාල් 79, ඉෂාන් අබේසේකර 28, සම්පත් පෙරේරා 47/4, සචිත්‍ර පෙරේරා 17/2, චිරාග් කුරානා 31/2)

----------------------------------------------------------------------------------------------------------------------------

වරාය අධිකාරියට ඉනිමක ජයක්

වරාය අධිකාරිය සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර දොඹගොඩ ක්‍රීඩාංගණයේදී

වරාය අධිකාරිය පළමු ඉනිම -  කඩුලු 8 ක් දැවී 420
(රමේෂ් නිමන්ත 62, අදීෂ නානායක්කාර 51, ඉෂාන් රංගන 73, හස්නෙයින් බොඛාරී 160, ගයාන් ද සිල්වා 86/3)

ගුවන් හමුදා පළමු ඉනිම -  සියලුදෙනා දැවී 78
(රවිඳු සෙම්බුකුට්ටිගේ 25, රජීව වීරසිංහ 20/5, චානක කොමසාරූ 23/4)

ගුවන් හමුදා දෙවැනි ඉනිම -  සියලුදෙනා දැවී 123
(උදයවංශ පරාක්‍රම 20, මාධව නිමේෂ් 43, චමින්ද බණ්ඩාර 20/4, චානක කොමසාරූ 45/3)

--------------------------------------------------------------------------------------------------------------------------------

නුගේගොඩ පිලට පළමු ඉනිමේ ජයක්

නුගේගොඩ සහ කුරුණෑගල යොවුන් කණ්ඩායම් අතර පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී

නුගේගොඩ පළමු ඉනිම -  සියලුදෙනා දැවී 413
(ඉරෝෂ් සමරසූරිය 50, පැතුම් මදුශංක 118, ප්‍රමුද් හෙට්ටිවත්ත 85, අසන්ත බස්නායක 23, පසිඳු මදුෂාන් 59, බසිට් අලී 36, විනෝද් පෙරේරා 97/4, ළහිරු ජයරත්න 91/3, නවීන් කවිකාර 107/3)

කුරුණෑගල යොවුන් පළමු ඉනිම - සියලුදෙනා දැවී 300
(මාලිංග මලිගස්පේ 46, සංදීප් කුංචිකෝර් 69, සයින් අබ්බාස් 39, දිල්ෂාන් කොල්ලුරේ 23, විනෝද් පෙරේරා 30, රන්දීර රණසිංහ 32, නවීන් කවිකාර නොදැවී 22, චානුක දිල්ෂාන් 113/6, පසිඳු මදුශාන් 70/2)

නුගේගොඩ දෙවැනි ඉනිම -  කඩුල්ලක් දැවී 106
(පැතුම් මධුශංක නොදැවී 59, ප්‍රමුද් හෙට්ටිවත්ත නොදැවී 21)

-------------------------------------------------------------------------------------------------------------------------------

සෙබස්තිනයිට්ස් පිලට පළමු ඉනිමේ ජයක්

නාවික හමුදාව සහ සෙබස්තිනයිට්ස් කණ්ඩායම් අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී

නාවික හමුදා පළමු ඉනිම -  සියලුදෙනා දැවී 153
(සමිත රංග 22, තරූෂ ප්‍රනාන්දු 31, නිලංක පතිරණ 22, නවීන් ගුණවර්ධන 57/6, ශෂේන් සිල්වා 21/2, සමන් කුමාර 47/2)

සෙබස්තිනයිට්ස් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 166
(එස්.ප්‍රනාන්දු 24, දසුන් සෙනෙවිරත්න 41, තිලංක ද සිල්වා 24, නිලංක පතිරණ 54/6)

නාවික හමුදා දෙවැනි ඉනිම -  සියලුදෙනා දැවී 273
(ශවිඳු දිසානායක 43, තරුෂාන් ඉද්දමල්ගොඩ 45, ඩබ්ලිව්.මයන්ත 27, තරූෂ ප්‍රනාන්දු 31, සවිඳු පිරීස් 37, නවීන් ගුණවර්ධන 107/5, රනේෂ් පෙරේරා 31/2)

සෙබස්තිනයිට්ස් දෙවැනි ඉනිම -  කඩුලු 5 ක් දැවී 199
(තිලංක ද සිල්වා 47, එස්.ප්‍රනාන්දු 32, රනේෂ් පෙරේරා නොදැවී 59, දසුන් සෙනෙවිරත්න නොදැවී 31, ඩිලංක අවර්ඩ් 67/4)

------------------------------------------------------------------------------------------------------------------------------

ගාල්ලට පළමු ඉනිමේ ජයක්

ගාල්ල සහ පානදුර කණ්ඩායම් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

ගාල්ල පළමු ඉනිම -  සියලුදෙනා දැවී 175
(මංසූර් අම්ජාඞ් 28, දමිත හුණුකුඹුර 29, රවිෂ්ක විජේසිරි 48, උමේෂ් කරුණාරත්න 48/4, චලන ද සිල්වා 52/3, රොෂාන් ජයතිස්ස 31/2)

පානදුර පළමු ඉනිම -  සියලුදෙනා දැවී 161
(සංජික රිද්ම 27, උමේෂ් කරුණාරත්න නොදැවී 76, කවික ඩිල්ෂාන් 45/5, අහ්මඞ් ජමාල් 63/4)

ගාල්ල දෙවැනි ඉනිම -  සියලුදෙනා දැවී 216
(මන්සූර් අම්ජාඞ් 54, කවිඳු එදිරිවීර 25, රවිෂ්ක විජේසිරි 22, විනුර දුල්සර 27, දමිත හුණුකුඹුර නොදැවී 39, රොෂාන් ජයතිස්ස 61/4, දිල්ෂාන් අබේසිංහ 35/3, චලන ද සිල්වා 55/2)

පානදුර දෙවැනි ඉනිම -  කඩුලු 6 ක් දැවී 146
(විශ්ව චතුරංග 22, රාජු ගයාෂාන් නොදැවී 52, චලන ද සිල්වා 22, අහ්මඩ් ජමාල් 46/3, කවික ඩිල්ෂාන් 54/2)

 


අදහස් (0)

මහනුවර කස්ටම්ස් - වරාය අධිකාරියට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.