Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මතිවානන් ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ධූරයෙන් අස්වෙයි

මතිවානන් ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ධූරයෙන් අස්වෙයි

යොහාන් භාසුර - 2020 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු වන කේ. මතිවාන්න මහතා එම ධූරයෙන් ඉල්ලාඅස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතාට පෙරේදා (29 වැනිදා) ලිඛිතව දැනුම් දුන්නේය.

මෙම ඉල්ලාඅස්වීම පිළිබඳව මතිවානන් මහතාගෙන්  ‘ලංකාදීප’ කළ විමසුමකදී පැවසුවේ ඉල්ලාඅස්වීම පිළිබඳව පමණක් දැනුම් දුන් බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ මතිවානන් මහතා යොමු කර ඇති ලිපියේ ඉල්ලාඅස්වීමට හේතුවක් සඳහන් කර නොමැති බවයි.

කේ. මතිවානන් මහතා පසුගිය වසරේ (2019) පෙබරවාරි මස 21 වැනිදා පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ඡන්ද 82 ක් ලබා උප සභාපති ධූරයට පත්විය. ඒ මහතා එම නිලවරණයේදී ‘රණතුංග’ පාර්ශවය නියෝජනය කරමින් විධායක කමිටුවට පත්වූ එම නිලධාරියා ද වේ.

මතිවානන් මහතාගේ ධූර කාලය ලබන වසරේ මාර්තු මස අවසන් වීමට නියමිතව තිබුණි.

මතිවානන් මහතා සහ විධායක සභාව නියෝජනය කරන ‘සුමතිපාල’ පාර්ශවයේ සෙසු නිලධාරීන් අතර ආරම්භයේ සිටම ගැටුම්කාරී තත්ත්වයක් පැවතුණි.

විධායක සහ කළමනාරණ කමිටු තුළ විවාදයට තුඩු දෙන මූල්‍ය ගණුදෙනු පිළිබඳව තමන්ගේ විරෝධයන් නොසළකා හරින බවත් වර්තමාන ක්‍රිකට් පරිපාලනය තමන්ව හුදකලා කර ඇති බවත් මතිවානන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

“විධායක කමිටු තීරණ සටහන් තැබීම්වල මාගේ විරෝධ හෝ අදහස් ඇතුළත් නොවීම හරහා අනාගතයේදී සිදුවිය හැකි ක්‍රියාවලිය තුළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් මා උපයාගත් ඉහළම ධනය වන මගේ කීර්තිනාමයට හානි කරගැනීමට මා තවදුරටත් සුදානම් නැත” යැයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.   

   


අදහස් (0)

මතිවානන් ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ධූරයෙන් අස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.