Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බංග්ලාදේශ යොවුන් පිලට කඩුලු 6 ක ජයක්

බංග්ලාදේශ යොවුන් පිලට කඩුලු 6 ක ජයක්

editorial - 2019 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලිය යටතේ පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති 8 වැනි තරගයේදී නේපාලයට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශය සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 262 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ඕවර 49.2 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය.

අක්බර් අලී සහ ශමිම් හුසේන් එක්ව පස්වැනි කඩුල්ල සඳහා පන්දු 96 කදී ලකුණු 130 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් බංග්ලාදේශ යොවුන් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

තරගය ජයගැනීම හේතුවෙන් ශතකය කරා යෑමට තිබූ අවස්ථාව අහිමිවූ අක්බර් අලී පන්දු 82 කදි හතරේ පහර 14 ක් සමගින් නොදැවී ලකුණු 98 ක් රැස්කිරීමට සමත්වූ අතර ශමිම් හුසේන් පන්දු 45 කදී හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 42 ක් රැස්කිරීමට සමත්විය.

ලකුණු 19 ක් තුල ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දැවීයාම හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්වූ බංග්ලාදේශ යොවුන් ඉනිම නැවත ගොඩනගමින් පන්දු 114 කදී ලකුණු 79 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දමාදීමට හසන් ජෝයී සහ තව්හිඞ් හිඩෝයි සමත්වූහ.

හසන් ජෝයී පන්දු 53 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 40 ක් රැස්කළ අතර තව්හිඞ් හිඩෝයි පන්දු 88 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 60 ක් රැස්කළේය.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ යොවුන් පිලේ නායකයාගේ ආරාධනයෙන් පන්දුවට පහරදිමට පැමිණි නේපාල යොවුන් පිල ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 261 ක් රැස්කිරීමට සමත්විය.

ආරම්භක පිතිකරු පවන් සරාෆ් පන්දු 109 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 81 ක් රැස්කරමින් නේපාල යොවුන් පිල ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත්විය.

වේගවත් පිතිහරඹයක නිරතවූ සංදීප් ජෝරා පන්දු 37 කදී හයේ සහ හතරේ පහර 3 බැගින් එල්ල කරමින් ලකුණු 56 ක් ලබාගත්තේය.


නේපාල යොවුන් පිල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 261
(රිට් ගෞතම් 32, පවන් සරාෆ් 81, කුෂාල් මල්ලා 28, සංදීප් ජෝරා 56, භීම් ෂාකී 21, තන්සිම් හසන් 51/2, ශහින් අලාම් 58/2)

බංග්ලාදේශ යොවුන් පිල - ඕවර 49.2 කදී කඩුලු 4 ක් දැවී 262
(හසන් ජෝයී 40, තව්හිඞ් හිඩෝයි 60, අක්බර් අලී නොදැවී 98, ශමිම් හුසේන් නොදැවී 42, කමල් සිං 59/2)

...


අදහස් (0)

බංග්ලාදේශ යොවුන් පිලට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.